ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්ත දුම්රිය ඛේදවාචකය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා ශෝකය පළ කරයි.

පුද්ගලයන් 300කට අධික පිරිසකට මරු කැදවමින් තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් විපතට පත් අයගේ පවුල්වලට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශෝකය පළ කළේය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, "ඉන්දියාවේ ඔඩීෂා හි සිදුවූ දුම්රිය අනතුරෙන් වටිනා ජීවිත සිය ගණනක් අහිමි වීම සහ තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදුවීම පිළිබඳව දැඩි සේ කණගාටු වන බවයි.

ශ්‍රී ලංකාවේ රජය සහ ජනතාව වෙනුවෙන්, විපතට පත් වූවන්ගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කළේය.