අංශ

පාලන අංශය
පාලන I අනු අංශය - අංශයේ කාර්ය භාරය
  1. පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීමේ කටයුතු
    • ස්ථිර කාර්ය මණ්ඩල
    • පෞද්ගලික කාර්ය මණ්ඩලය
  2. කාර්ය මණ්ඩලයේ විනය කටයුතු
  3. අග්‍රාමාත්‍ය කාර්යාලයේ දෛනික තැපෑල සම්බන්ධ සියලු කාර්යයන්
  4. මානව සම්පත් සංවර්ධනයට අදාළ කටයුතු
  5. නිලධරයන්ගේ නිවාඩු සම්බන්ධ කටයුතු
  6. අතිකාල දීමනා, ගමන් වියදම් ගෙවීම් සම්බන්ධ කටයුතු
  7. තොරතුරු දැනගැනීමේ පනතට අදාළ තොරතුරු ලබාදීමේ කාර්යයන්
  8. දුරකථන, රූපවාහිනී, අන්තර්ජාල සම්බන්ධතා, ලබා ගැනීම හා බිල්පත් පියවීම සම්බන්ධ කටයුතු
  9. පුරවැසි ප්‍රඥප්තිය සකස් කිරීම
  10. ලේඛනාගාරය නිසි පරිදි පවත්වාගෙත යාම
  11. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඵලදායිත්වය ඉහළ නැංවීම සම්බන්ධ කටයුතු
  12. කාර්යාලයේ සුළු මුදල්, අතුර අග්‍රිම හා තත්කාර්යය අතුරු අග්‍රිම සම්බන්ධ කටයුතු
  13. රජයේ නිලධරයන්ගේ අත්තිකාරම් “බී” ගිණුමට අදාළව ණය ලබාදීමේ කටයුතු
  14. ගරු අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතිය ලබාගත යුතු නිලධාරීන්ගේ රාජකාරී /පෞද්ගලික විදේශ ගමන් සඳහා දිවයිනෙන් බැහැරව යාමට අනුමැතිය ලබාදීම සම්බන්ධ රාජකාරී කටයුතු
  15. තාවකාලික නවාතැන්, නිල නිවාස, සංචාරක බංගලා, වෙන් කිරීම සම්බන්ධ කටයුතු
ප්‍ර‍වාහන ඒකකය - අංශයේ කාර්ය භාරය
  1. අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහනවලට අදාළ සියලුම කළමනාකරණ කටයුතු
  2. රාජකාරී අවශ්‍යතා මත වෙනත් ආයතන වෙතින් වාහන පවරා ගැනීම
  3. ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රවාහන සංචිතයට අයත් වාහන සඳහා ඉන්ධන කූපන්පත් නිකුත් කිරීම හා සංචිත වාහන සඳහා ඉන්ධන ඇනවුම් නිකුත් කිරීම
  4. වාහන තොරතුරු හා රියදුරු මහතුන්ගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම
  5. රථ වාහන හදිසි අනතුරු සිදු වූ අවස්ථා වලදී ඒ සම්බන්ධව අවශ්‍ය ඉදිරි කටයුතු කිරීම
නඩත්තු ඒකකය - අංශයේ කාර්ය භාරය
  1. සිරිමතීපාය, අරලියගහ මන්දිරය, නුවරඑළිය අගමැති මැදුර යන ස්ථානවල නඩත්තු කටයුතු
  2. අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීන්ට, මාධ්‍ය අංශයේ නිලධාරීන්ට හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සෙසු නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට
  3. අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය, නුවරඑළිය අගමැති මැදුර සඳහා ජනක යන්ත්‍ර‍ සැපයීම හා ඊට අදාළ කටයුතු
  4. අග්‍රාමාත්‍ය කාර්යාලයේ උද්‍යාන අලංකරණ කටයුතුවලට අදාළ යටිතල පහසුකම් සැපයීම
View Staff Officers
සංවර්ධන අංශය I
සංවර්ධන අංශය I - සැලසුම් ඒකකය
  1. වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම
  2. වාර්ෂික ප්‍ර‍ගති වාර්තාව සකස් කිරීම
  3. වාර්ෂික කාර්යසාධන වාර්තා කෙටුම්පත හා අවසන් කාර්ය සාධන වාර්තාව සකස් කිරීම
  4. අග්‍රාමාත්‍ය කාර්යාලයීය තිරසර සංවර්ධන අරමුණු (SDG) ලගා කර ගැනීමේ කාර්යසාධන වාර්තාව සකස් කිරීම
  5. වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම මත පදනම්ව වර්ෂයේ සියලු කාර්තුමය ප්‍ර‍ති වාර්තා සැකසීම
ප්‍ර‍තිපත්ති සම්බන්ධීකරණ අංශය

රාජ්‍ය ප්‍රතිපත්තිය මූලික කර ගනිමින්, අග්‍රාමාත්‍යවරයාගේ විධිවිධානයන්ට යටත්ව ඔහු වෙත පැවරී ඇති කාර්යය හා කර්තව්‍යය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම හා පහසුකම් සැලසීම තුළින් මෙරට ආර්ථික මෙන්ම සමාජ සංවර්ධනය ඉහළ නැංවීම සඳහා මෙම අංශය දායකත්වය ලබා දේ.

ඒ අනුව, සංවර්ධන I - ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අංශය මඟින් ඉටුකරනු ලබන කාර්යයන් පහත පරිදි වේ.

  1. ගරු අග්‍රාමාත්‍යතුමා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන සාකච්ඡාවන් සම්බන්ධීකරණය කිරීම.
  2. එම සාකච්ඡාවල දී එලඹෙන තීරණ සම්බන්ධයෙන් නිසි පසුවිපරම් කටයුතු සිදු කිරීම හා ප්‍රගතිය වාර්තා කිරීම.
  3. ගරු අග්‍රාමාත්‍යතුමා සභාපතීත්වය දරන අමාත්‍ය මණ්ඩල අනුකමිටු, කමිටු සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා සභාපතීත්වය දරන කමිටුවලට සමගාමීව පවත්වනු ලබන සාකච්ඡාවන් සම්බන්ධීකරණය කිරීම.
  4. එම සාකච්ඡාවල දී එලඹෙන තීරණ සම්බන්ධයෙන් නිසි පසුවිපරම් කටයුතු සිදු කිරීම හා ප්‍රගතිය වාර්තා කිරීම.
  5. කාලෝචිතව හඳුනාගනු ලබන ප්‍රතිපත්තිමය, ප්‍රතිසංස්කරණමය හා ප්‍රතිව්‍යුහගතකරණ ගැටලු සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යාංශ/ ආයතනික සම්බන්ධීකරණය හා අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීම.
  6. කාලීන සංවර්ධන ගැටලු හඳුනාගැනීම සහ එම ගැටලු විශ්ලේෂණය කොට අධ්‍යයන වාර්තා සකස් කිරීම.
  7. එම කාලීන සංවර්ධන ගැටලු හා සම්බන්ධ රාජ්‍ය ආයතන,රාජ්‍ය නොවන ආයතන හා ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධීකරණය වීම හා අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම.
View Staff Officers
සංවර්ධන අංශය II
වැඩසටහන් කළමණාකරණ ඒකකය
  1. ගරු අග්‍රාමාත්‍යතුමා වෙත පෞද්ගලිකව භාරදෙනු ලබන ලිපි, අග්‍රාමාත්‍ය ලේකම් මගින් යොමු කරනු ලබන විශේෂ ලිපි, පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන ආයතන නියෝඩබය කරන දේශපාලන අධිකාරියෙන් ලැබෙන ඉල්ලීම් ලිපි හා අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත තැපෑලෙන් ලැබෙන විශේෂ අවධානය යොමු කළ යුතු ඉල්ලීම් ලිපි සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  2. බස්නාහිර ප්‍රදේශ මහානගර ප්‍ර‍ාන සැලැස්ම - 2048 ක්‍රියාත්මක කිරීම
  3. සහභාගීත්ව ප්‍ර‍ජාතන්ත්‍ර‍ාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් " ජන සභා ක්‍ර‍මය" ස්ථාපිත කිරීම
සංවර්ධන උපායමාර්ග ඒකකය සහ ජීවනෝපාය සංවර්ධන ඒකකය
  1. ජල සම්පතෙහි තිරසර සංවර්ධනය උදෙසා "ජාතික ජල සම්පත් ප්‍ර‍තිපත්තිය" එළිදැක්වීම
  2. චීන - ශ්‍රී ලංකා සහයෝගීතාවය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙරට දරිද්‍ර‍තාව තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
  3. ක්ෂුද්‍ර‍ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ධාරිතාව ඉහල නැංවීම
  4. ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ තාක්ෂණීක උපදේශක කමිටුවේ කටයුතු
  5. ජාතික මෙහෙයුම් මැදිරිය ස්ථාපනය කිරීම
පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල කටයුතු ඒකකය
  1. ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල සංදේශ / අමාත්‍ය මණ්ඩල සටහන් කෙටුම්පත් කර අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම දක්වා වූ ක්‍රියාවලිය ඉටු කිරීම හා අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම
View Staff Officers
සංවර්ධන අංශය III
  1. ජාතික ප්‍ර‍තිපත්ති කොමිෂන් සභාව පිහිටුවීම පිණිස ප්‍ර‍තිපත්තිමය එකගතාවය ලබා දීම
  2. සතිමත්භාවය සම්බන්ධයෙන් ජාතික වෙසක් සතිය තුළ හා අඛණ්ඩව සිදු කෙරෙන දැනුවත් කිරීම් මාලාව අරමුණු කරගත් ජාතික වැඩසටහන
  3. ඊ මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ ගිවිසුම්ගත සේවා හා ගාස්තු සංශෝධනය කිරීම
  4. වාණිජ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සමාලෝචනය කිරීම
  5. ඵලදායී තොරතුරු තාක්ෂණික පද්ධතියක් කරගනිමින් රජයේ ආදායම එකතු කිරීම හා වැඩි දියුණු කිරීම
  6. තිරසර සංවර්ධන අරමුණු සඳහා වන ජාතික මෙහෙයුම් කමිටුව
  7. ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතු ප්‍ර‍තිපත්තීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍ර‍තිපත්තියක් කෙටුම්පත් කිරීම
  8. දකුණු ඉන්දියාවේ අවතැන් වී සිටින ශ්‍රී ලාංකිකයින් හට සියලුම රටවල් සඳහා වූ විදේශ ගමන් බලපත්‍ර‍ක් ලබා දීමට කටයුතු කිරීම
  9. ඩිජිටල් ආර්ථික උපාය මාර්ග පිලීබඳ ප්‍ර‍තිපත්තිය
View Staff Officers
ගිණුම් අංශය

ව්‍යවස්ථාපිතව අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැවරී ඇති කාර්යභාරය ඉටුකරගැනීම සඳහා යහපත් හා මනා මූල්‍ය කළමනාකරණ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම හා යහපත් මූල්‍ය වාර්තාකරණයක් තහවුරු කිරීම.

  1. මූල්‍ය සැලසුම්කරණය හා අයවැය පාලනය.
  2. ප්‍රසම්පාදන ක්‍රමවේදයන් අනුගමනය කර වත්කම් මිලදී ගැනීම, නඩත්තු කිරීම, එම වත්කම් ආරක්ෂා කිරීම, වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු හා වත්කම් සම්බන්ධයෙන් ලේඛන නඩත්තු කිරීම.
  3. වාර්ෂික මුල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම, කළමනාකරණ වාර්තා සකස් කිරීම හා රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් “ B “ ගිණුමේ සීමාවන් පවත්වාගෙන යමින් අත්තිකාරම් ගිණුම් සම්බන්ධයෙන් වාර්ෂික සැසදුම් වාර්තා පිළියෙල කිරීම.
  4. රජයේ විගණන නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය කර වාර්ෂික විගණන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු හා අවශ්‍ය සහාය ලබා දීම.
  5. අග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලු නිලධාරීන්ගේ වැටුප් සකස් කිරීම, අත්තිකාරම් හා වෙනත් දීමනා ගෙවීම ඇතුලු පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් කටයුතු සිදු කිරීම.
  6. කාර්යාල කටයුතු සඳහා අවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය මිල දී ගැනීම හා එම ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොග පාලන කටයුතු සිදු කිරීම.
View Staff Officers
මහජන සම්බන්ධතා අංශය
  1. මහජන පීඩාවට පත්වී ඇති කිසියම් ගැටළුවක් සම්බන්ධයෙන් සහනයක් අපේක්ෂා කරමින් ගරු අග්‍රාමාත්‍යතුමා වෙත යොමු කරන යෝජනා, ඉල්ලීම් පිළිබඳව සහනයක් සලසාදීම
  2. ඔවුන්ට රාජ්‍ය ආයතන වෙතින් ඵලදායී සේවයක් ලබා දීම
  3. මහජනතාවට කඩිනම් ප්‍ර‍තිචාර දැක්වීමට රාජ්‍ය ආයතනවලට යොමු කර අවසාන පිළිතුරක් ලබාදීම දක්වාම පසුවිපරම් කිරීම
View Staff Officers
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය
  1. ජනතා කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් තහවුරු කරනු පිණිස අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් ගනු ලබන තීන්දු තීරණ හා ක්‍රියාදාමයන් පිළිබඳ තොරතුරු ජනතාව වෙත කඩිනමින් සමීප කිරීම උදෙසා ප්‍රවේශ සැපයීමට අග්‍රාමාත්‍ය කාර්යාලීය නිල වෙබ් අඩවිය අවශ්‍ය පරිදි නිරන්තරයෙන් සංවර්ධනය කිරීම හා සජීව තත්වයේ පවත්වා ගැනීම.
  2. වඩාත් විශ්වසනීය හා කාර්යක්ෂම නිල දත්ත සන්නිවේදනයක් තහවුරු කිරීම පිණිස අග්‍රාමාත්‍ය කාර්යාලීය ජාල පද්ධති හා ඊ මේල් සේවාදායකය කාලීනව යාවත්කාලීන කිරීම හා සජිව තත්වයේ පවත්වා ගැනීම.
  3. අග්‍රාමාත්‍ය කාර්යාලයේ කටයුතු වඩා කාර්යක්ෂමව හා ඵලදායීව සිදුකිරීම සඳහා දත්ත පද්ධති නිර්මාණය හා වැඩිදියුණු කිරීම. මේ දක්වා නිර්මිත හා නිර්මාණය වෙමින් පවතින දත්ත පද්ධති
    • අග්‍රාමාත්‍යතුමාගේ හදිසි පණිවිඩ රාජ්‍ය නිලධාරීන් වෙත දැනුම්දීම සඳහා කෙටි පණිවිඩ යැවීමේ (SMS) පද්ධතිය
    • ප්‍රවාහන කළමනාකරණ පද්ධතිය
    • ලිපි කළමනාකරණ පද්ධතිය
    • රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යා සමාලෝචන දත්ත ඇතුලත් කිරීමට හැකි වන පරිදි නිර්මාණය කළ කළමනාකරණ දත්ත පද්ධතිය
    • වත්කම් කළමනාකරණ දත්ත පද්ධතිය
    • මානව සම්පත් දත්ත කළමනාකරණ පද්ධතියක් හා ගබඩා කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීමට මුලපිරීම
  4. තොරතුරු හා සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කාලීන අවශ්‍යතා අනුව අභ්‍යන්තර චක්‍රලේඛ නිකුත් කිරීම හා ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම.
  5. අග්‍රාමාත්‍ය කාර්යාලීය දත්ත පද්ධති බාධාවකින් තොරව භාවිතා කිරීමේ හැකියාව තහවුරු කරනු පිණිස දත්ත ප්‍රතිසාධන අඩවියක් (DR Site) ස්ථාපනය කිරීම හා සජීව තත්වයේ පවත්වා ගැනීම
  6. මාර්ගගත රැස්වීම් සංවිධානයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා සේවා සැපයීම.
  7. නිලධාරීන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩි කිරීම සඳහා කාර්යාල මෘදුකාංග භාවිතය පිළිබඳව හා අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ අභ්‍යන්තරව සකසන ලද මෘදුකාංග පද්ධති භාවිතය පිළිබඳව පුහුණු සැසි සඳහා සම්පත්දායකත්වය සැපයීම.
  8. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික මිලදී ගැනීම් සඳහා තාක්ෂණික ඇගයීම් සිදුකිරීම.
  9. රාජ්‍ය අංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවශ්‍ය වන පරිදි නිරීක්ෂණ හා නිර්දේශ සැපයීම.
View Staff Officers
අභ්‍යන්තර විගණන අංශය
  1. කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශන්ට අනුකූලව පළමු විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම
  2. කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශන්ට අනුකූලව දෙවන විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම
  3. ප්‍රධාන අභ්‍යන්තර විගණකගේ ඇගයීම් වාර්තාව කාර්තුමය වශයෙන් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව වෙත යැවීම
    • 2022 සිව්වන කාර්තුව සඳහා ඇගයීම් වාර්තාව යවා ඇත
    • 2023 පළමු කාර්තුව සඳහා වාර්තාව යවා ඇත
    • 2023 දෙවන කාර්තුව සඳහා තක්සේරු වාර්තාව යවා ඇත
  4. 2009.06.09 දිනැති අංක: DMA/2009(1) දිනැති විගණන සහ කළමනාකරණ චක්‍රලේඛයට අනුව කාර්තුමය වාර්තා ජාතික විගණන කාර්යාලය වෙත යැවීම
  5. කාර්තුමය වශයෙන් අභ්‍යන්තර විගණන වාර්තා (අනුකූලතා වාර්තාව,ආකෘතිය 6) කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව වෙත යැවීම
    • කාර්තුමය අනුකූලතා වාර්තාව ඉදිරිපත් කිරීම -පළමු කාර්තුව
    • කාර්තුමය අනුකූලතා වාර්තාව ඉදිරිපත් කිරීම - 2 වන කාර්තුව
  6. අභ්‍යන්තර විගණන කටයුතු සිදු කිරීම සහ විගණන නිරීක්ෂණ නිර්දේශ සහිතව අග්‍රාමාත්‍ය ලේකම් වෙත වාර්තා කිරීම.
  7. ගෙවීම් වව්චර් පරීක්ෂා කිරීම
View Staff Officers
මාධ්‍ය හා සන්නිවේදන අංශය
  1. ගරු අග්‍රාමාත්‍යතුමාට සම්බන්ධ ලේඛන සඳහා තොරතුරු රැස් කිරීම සහ ප්‍රකාශන නිකුත් කිරීම.
  2. ගරු අග්‍රාමාත්‍යතුමාගේ පාර්ලිමේන්තුවේ කටයුතුවල , ජනමාධ්‍ය සඳහා අවශ්‍ය නිවේදන නිකුත් කිරීම.
  3. ගරු අග්‍රාමාත්‍යතුමාට අදාල සමාජමාධ්‍ය කටයතු.
  4. අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණෙන සිසුන්ට සමරු තිළිණ සපයාදීම.
View Staff Officers
නීති අංශය
  1. අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ නෛතික කාර්යයන්ට අදාළ සම්බන්ධීකරණ හා විශ්ලේෂණ කටයුතු සිදු කිරීම.
View Staff Officers