අග්‍රාමාත්‍යවරයා චීන බෞද්ධ සංගමයේ සභාපති, පූජ්‍ය යැං ජූ (Yan Jue) සංඝරාජ නාහිමියන් බැහැදකී

චීනයේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා (27) චීන ජාත්‍යන්තර හෝටලයේදී චීන බෞද්ධ සංගමයේ සභාපති, පූජ්‍ය යැං ජූ (Yan Jue) සංඝරාජ නාහිමියන් බැහැදැක සාකච්ඡා පැවැත්වීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අග්‍රාමත්‍ය මාධ්‍ය අංශය