මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ සිරි දේවමිත්ත ධම්මපාල හිමි පිළිරුව විවෘත කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්...

අනගාරික ධර්මපාල තුමාගේ පැවැදි දිවියේ පළමු පිළිරුව වන සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ පිළිරුව නිරාවරණය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024.01.05) කොළඹ, මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති, සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ 74 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් මෙම අවස්ථාව සංවිධානය කොට තිබිණි.

මහා සංඝරත්නය, සර්ව ආගමික නායකයින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රොෂාන් රණසිංහ, යදාමිණි ගුණවර්ධන, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ, ආරාධිතයින් දායක දායිකාවන් මෙම අවස්ථාවට එක්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය