අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ග්‍රීසියේ අගමැතිට සුබ පැතුම්..

මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස් (Kyriakos Mitsotakis) මහතා වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය සුබ පැතුම් එක් කරයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් රජය සහ ජනතාව වෙනුවෙන් මෙන්ම පෞද්ගලිකවත් අග්‍රාමාත්‍ය ධූරයට යලි පත්වූ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස් (Kyriakos Mitsotakis) මහතා වෙත සුබ පැතුම් එක්කරන බව අද (2023.12.27) සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.

හවුල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වල පදනම මත ගොඩනගා ඇති ගැඹුරු, දිගුකාලීන ශිෂ්ටාචාරමය බැඳීම් ශක්තිමත් මිත්‍රශීලී සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ග්‍රීසියේ නව අග්‍රාමාත්‍යවරයා සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය