අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ විශාලතම ඉදිකිරීම් සමාගම වන චයිනා කොමියුනිකේෂන් කොන්ස්ට්‍රක්ෂන් සමාගම (CCCC), චයිනා හාබර් ඉංජිනියරින් සමාගම, විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම වන හුවාවේ යන සමාගම් සමඟ බීජිං නුවරදී සාකච්ඡා පැවැත්වී ය.

අග්‍රාමාත්‍යවරයා චයිනා කොමියුනිකේෂන් කොන්ස්ට්‍රක්ෂන් සමාගමේ සභාපති වැන්ග් හයිහුවයි (Wang Haihuai), චයිනා හාබර් ඉංජිනියරින් සමාගමේ සභාපති බයි යින්ෂැන් (Bai Yinzhan) සහ හුවාවේ සමාගමේ සභාපතිවරයා සමඟ සහයෝගීතා ව්‍යාපෘති පුළුල් කිරීමේ හැකියාවන් පිළිබඳ සාකච්ඡා කළේ ය. අග්‍රාමාත්‍යවරයා හුවාවේ තොරතුරු තාක්ෂණ උද්‍යානය සහ පරිසර ආරක්ෂණ උද්‍යානය වෙත ද සංචාරය කළේ ය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්හොන්ග්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය