අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.01.14) මහනුවර දළදා මාලිගය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව, අස්ගිරි මහා විහාරයේදී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමිපාණන් වහන්සේ, සහ මල්වතු මහා විහාරයේදී මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.