බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධූරයට යළි තේරි පත් වූ ෂෙයික් හසීනා මහත්මියට අග්‍රාමාත්‍යවරයාගෙන් සුබපැතුම්

2024 ජනවාරි 8
ගරු ෂෙයික් හසීනා
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය

ගරු අගමැතිතුමනි,

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අඛණ්ඩව හතරවන වරටත් පත්වන අවාමි ලීගයේ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව මම ඔබතුමාට මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

ගැඹුරු මිත්‍රත්වය සහ සමීප සබඳතා ඇති සමීප දකුණු ආසියානු අසල්වැසියන් ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අප මුහුණ දෙන අභියෝග ජය ගැනීමට සහ සහයෝගීතාව සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමට එක්ව කටයුතු කිරීමට කැපවී සිටිති.

දෙරට අතර පවතින විශ්වාසයන් සහ මූලධර්මවල පදනම මත ගොඩනගා ඇති ශක්තිමත්, දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඔබ සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.

දිනේෂ් ගුණවර්ධන,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැති,
2024 ජනවාරි 8