අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2024.03.28 දින බොආ‍ඕ (BOAO) සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව චීනයේ හයිනාන් පළාතේ වෙන්චැං හි නිවර්තන විද්‍යා පිළිබඳ චීන ඇකඩමියේ නිරීක්ෂනයක නිරත විය.

එම විද්‍යා පීඨයේ විද්‍යාඥයෝ තම්බිලි ඇතුළු දෙමුහුන් පොල් ප්‍රභේද නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදය ප්‍රථම වරට පැහැදිලි කළහ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්හොන්ග්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය