ඡන්ද ක්‍රම සංශෝධන සඳහා පක්ෂ නායක හමුවක්

මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පාර්ලිමේන්තු මැතිවරණයට හඳුන්වාදීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මෙන්ම, ඡන්ද අපේක්ෂකයන්ගේ ඇප මුදල් සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී 2023.10.18 දින පැවැත්විණි.

අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇතුළු, සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP), සිසිර ජයකොඩි, මහජන එක්සත් පෙරමුණ (MEP) මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP), ඒ.එල්.එම්. අතාවුල්ලා, ජාතික කොංග්‍රසය (NC), එස්. චන්ද්‍රකාන්තන, තමිල් මක්කල් විඩුදලෛ පුලිගල් (TMVP), ඒ. අරවින්ද් කුමාර්, කඳුරට ජනතා පෙරමුණ (UP), එම්. රාමේෂ්වරන්, ලංකා කම්කරු කොංග්‍රසය (CWC) රිෂාඩ් බදියුදීන්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, (ACMC), මනෝ ගනේෂන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ (DPF), ජී. ජී. පොන්නම්බලම් (AITC) අංගජන් රාමනාදන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP), ෂාන් විජයලාල් ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP), සාරතී දුෂ්මන්ත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP), ඩලස් අලහප්පෙරුම, නිදහස ජාතික සභාව, ජයන්ත සමරවීර, ජාතික නිදහස් පෙරමුණ (NFF), මහාචාර්ය තිස්ස විතාරණ, Past සමසමාජ පක්ෂය (LSSP) උදය ගම්මන්පිල, පිවිතුරු හෙළ උරුමය (PHU), පූජ්‍ය අතුරලියේ රතන හිමි, විජය ධරණී ජාතික සභාව, අසංක නවරත්න, ශ්‍රී ලංකා මහජන පක්ෂය (SLMP), වීරසුමන වීරසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (CP), ගෙවිඳු කුමාරතුංග, යුතුකම ජාතික සංවිධානය) යන මහජන නියෝජිතයින් මෙම රැස්වීමට එක්ව සිටියහ.

එළඹෙන පාර්ලිමේන්තු සතියේදී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය විය. සකස් කරන අවසන් වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද තීරණය විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය