ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ට්සුසුටා ෂින්පෙය් මහතා (Martsusuta Shinpei)ශ්‍රී ලංකාවට උපකාර කිරීමට කරුණු සෙවීමේ මෙහෙයුමක

මන්ත්‍රීවරයා 2022/09/20 අග්‍රාමාතය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී දෙරට අතර සහයෝගිතාව සහ අනාගත සහයෝගිතා ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කළේය.ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය තමා විසින්ම දැක බලා ගැනීම සහ ජපානයට මෙම ක්‍රියාවලියට සහාය විය හැකි ආකාරය සොයා බැලීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව martsusuta shinpei මහතා කීවේය.අභාවප්‍රාප්ත ජපන් හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමංගල උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට තීරණය කර තිබීම පිළිබඳව ද ජපන් මන්ත්‍රීවරයා රජයට කෘතඥතාව පළ කළේය.

දිවංගත ජපන් අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ මිත්‍රයකු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය. ජපානය දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවට සහය ලබාදීම සම්බන්ධයෙන් ඔහු මන්ත්‍රීවරයාට ස්තූතිය පුද කළේය.වෙළඳ හා ආයෝජන සහයෝගිතා පමණක් නොව යටිතල පහසුකම් , ප්‍රවාහන කේෂ්ත්‍ර වල ද්විපාර්ශ්වික සබඳතා ජපානය සමග පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව ද අගමැතිවරයා කීවේය. එමෙන්ම ඉලෙක්ට්‍රොනික්, කෘෂිකර්මය ධීවර සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර වල ද සබඳතා දියුණු කර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ.
ජාතීන් දෙකේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට වැඩි වැඩියෙන් ජපන් ආයෝජකයින් දිරිමත් කරන බව Martsusuta Shinpei මහතා පැවසීය.දැනට ආයෝජන මණ්ඩලයේ විෂය පථය යටතේ ජපන් ආයෝජන සහිත ව්‍යවසායන් 80 ක් පමණ ක්‍රියාත්මක වේ.

අර්ධ සන්නායක නිෂ්පාදනය, මුද්‍රිත පරිපථ පුවරු, ආරක්ෂිත සංවේදක, පිඟන් භාණ්ඩ, සිමෙන්ති, ඇඟලුම්, නැව් තැනීම සහ අලුත්වැඩියා කිරීම, ඒකාබද්ධ ගොඩනැගිලි නිෂ්පාදනය සහ ස්ථාපනය කිරීම, විදුලිබල අංශය, සංචාරක අංශය, යටිතල පහසුකම් සහ සැපයුම් වැනි ක්ෂේත්‍ර සඳහා ඔවුන් සිය ආයෝජනය කර ඇත.

ජපාන තානාපති Mizukoshi Hideaki, පළමු ලේකම් Inoue Kemji සහ දෙවන ලේකම් Imai Kaori සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ද මෙම හමුවට එක්ව සිටියහ.