ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අගමැතිනිය හමුවෙයි

සිව් දින නිල සංචාර‍යක් සඳහා 2025 සැප්තැම්බර් මස 21 වැනි දින දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපාති (Admiral Dinesh K Tripathi), අද (23) පාර්ලිමේන්තු සංකිර්ණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සිදු කෙරුණු මෙම නිල හමුවේදී, දෙරටේ ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සහ දිගුකාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ.

එමෙන්ම, සමුද්‍රීය ආරක්‍ෂාව සහ කලාපීය ආරක්‍ෂාව තහවුරු කිරීම නිති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, අනවසර මසුන් ඇල්ලීම ඇතුළු තරුණු සඳහා සාමූහික ප්‍රවේශයකින් කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කළේය. එසේම මෙරට නාවික හමුදා නිලධාරීන් සඳහා ඉන්දියානු රජය මගින් පුහුණු අවස්ථා ලබා දීම පිළිබඳවද අවධානය යොමු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 12 වැනි වරට සංවිධානය කරනු ලබන ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය - 2025 සඳහා සහභාගීවීමෙන් පසුව, 2025 සැප්තැම්බර් මස 25 වැනි දින ඉන්දියානු නාවික හමුදා ප්‍රධානීඅද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපාති මහතා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය

මෙම අවස්ථාවට ඉන්දියානු රජයේ ඉහළ නිලධාරීන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දකුණු ආසියානු සහ SARCC අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත පතිරණ යන මහත්ම මහත්මීන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය