රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ප්‍රදීප් යසරත්න මහතා පත්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් දස දෙනෙකු සහ ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇති අතර ඔවුන්ගේ පත්වීම් 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ප්‍රදීප් යසරත්න මහතා පත් කොට ඇති අතර බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ ඒ මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකුද වේ. ඔහු ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ගණනාවක විධායක ශ්‍රේණියේ තනතුරු දරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සුවිශේෂී අද්දැකීම් ලැබුවෙකි.

අභිනවයෙන් පත් වූ අනෙකුත් ලේකම්වරුන් ලෙස -

වසන්තා පෙරේරා – අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්

එම්.එන්. රණසිංහ - ලේකම්, අධිකරණ, බන්ධනාගාර සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

ගුණදාස සමරසිංහ - ලේකම්, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

A.C. මොහොමඩ් නෆීල් - ලේකම්, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය

සමන් දර්ශන පණ්ඩිකෝරල - ලේකම්, වාරිමාර්ග අමාත්‍යාංශය

බී.කේ.පී. චන්ද්‍රකීර්ති - පරිසර අමාත්‍යාංශයේ ලේකම්

ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන - ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

ඉංජිනේරු. රංජිත් රූබසිංහ - ලේකම්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

ආචාර්ය ධර්මශ්‍රී කුමාරතුංග - ලේකම්, තාක්ෂණ අමාත්‍යාංශය

ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර - උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස

එස්.එල්.ඩී.කේ විජයසිංහ - බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්වීම් ලබා ඇත.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය