චීනයේ ප්‍රමුඛතම වාර්ෂික ජාත්‍යන්තර සමුළුව වන බොආඕ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස චීන රජයෙන් කෙරුණු ආරාධනාවක් අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.03.24) සවස චීනයේ බීජිං නුවර බලා පිටත්ව ගියේය.
’ආසියාව සහ ලෝකය, සාමාන්‍ය අභියෝග, පොදු වගකීම්’ යන්න මෙවර බොආඕ සමුළුවේ තේමාවයි. මෙම සමුළුවට රාජ්‍ය නායකයින් සහ ඉහළ පෙළේ විදේශීය නියෝජිතයින් සහභාගී වනු ඇත.
සංචාරය අතරතුර දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා සහ සංවර්ධන සහයෝගීතාවයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්, අග්‍රාමාත්‍ය ලී චියැං සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක්ද හමුවීමට නියමිතය.
එසේම සබඳතා වැඩිදියුණු කිරීමේ මාර්ග හා ක්‍රම පිළිබඳ ව සවිස්තරාත්මක ව සාකච්ඡා කිරීමට චීන මහජන කොංග්‍රස පද්ධතියේ නිලධාරි, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික මහජන කොංග්‍රසයේ සභාපති ෂාඕ ලෙයිජි හා චීනයේ ෂැංහයි නුවර නිලධාරීන් සමඟ ද සාකච්ඡා පැවැත්වෙයි.
අග්‍රාමාත්‍යවරයා චීන වරාය මූලස්ථානය, හුවාවේ, ෂොන්ග්ගුවාන්චුන් පරිසර ආරක්ෂණ උද්‍යානය, බීජිංහි ජාතික චන්ද්‍රිකා කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සහ හයිනාන් හි නිවර්තන විද්‍යා ඇකඩමිය හා අලිපේ, සීට්රිප්, ඩිල්මා තේ සහ යුනිවර්සල් එනර්ජි කර්මාන්තශාලා නිරීක්ෂණය කිරීමට ද නියමිතය.
මෙම සමුළුවට රාජ්‍ය අමාත්‍යරුන් වන ශෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, චීන තානාපති චි ෂෙන්හොන්ග්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ද එක් වේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය