දකුණු චීන මුහුදු කලාපීය බෞද්ධ වටමේස සමුළුව රටවල් තිස් දෙකක සහභාගිත්වයෙන් මේ දිනවල ශ්රී ලංකාවේ පැවැත්වේ.

ඒ සඳහා ශ්රී ලංකාවට වැඩම කළ මෙම සමුළුවේ මුලසුන දරන චීනයේ යින් ශුන් හිමියන් 2023.12.12 දින අරලියගහ මන්දිරේදී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාව.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, චීන තානාපති කී ෂෙන්හොන්ග්, චීන ජාතික ආගමික කටයුතු සබඳතා පරිපාලන ප්රධානී චෙන් රේ ෆොන්ග්, ඇතුළු නියෝජිතයින් මෙම අවස්ථාවට එක්විය.

අග්රාමාත්ය මාධ්ය අංශය