රාජ්‍ය වෙසක් උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ..

රාජ්‍ය වෙසක් උත්සවය හලාවත කැබැල්ලව රත්නසිරි පිරිවෙන් විහාරස්ථානයේ දී බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.04 දින ආරම්භ විය.

සමරු මුද්දර හතරක් නිකුත් කිරීම, ප්‍රකාශයට පත් කළ පූජාභූමි හයක සන්නස්පත්‍ර බෙ වැඩිදුර >>

ෂැංහයි සහයෝගීතා සංවිධානයෙන් (SCO) ශ්‍රී ලංකාවට වෙළඳ සහ ආර්ථික සහාය...

ෂැංහයි සහයෝගීතා සංවිධාන වෙළඳ හා ආර්ථික බහුකාර්යය අංශයේ (SOC-TEM )ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් 2023.05.03 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවිය.

දෙපාර්ශවය අතර සහයෝගීතාව ඇති කර ගැනීමේ ක්‍රම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරුණු අතර නවීන තාක්‍ෂණික දැනුම යොදා ගනිමින් ශ්‍රී වැඩිදුර >>

වෙසක් පණිවුඩය

සමස්ථ බෞද්ධ ජනයාගේ පරම පූජනීය දිනය වෙසක් පුර පසළොස්වක පොහොයයි. ඉතිහාසය පුරාවට ජාතික හා ආගමික සහජීවනය වැඩිදියුණු වීමට බුදු දහමෙන් අප ලැබූ හික්මීම මහඟු කොට බලපෑ අතර ලොව හමුවේ අභිමානයෙන් නැගී සිටීමට ද අපට එය ඉවහල් විය.

ලෝක ස්වභාවය මැනවින් අවබෝධ කිරීමට උදව්වන බුදු දහමේ මඟ අද ලොවටම  වැඩිදුර >>

මියන්මාර් සඟ පදවි ලැබූ මහ සඟරුවනට බුහුමන්

මියන්මාර් ජනරජයේ උත්තරීතර ගෞරවයෙන් පිදුම් ලැබූ මහා සංඝරත්නය වෙත ගෞරව දැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.03 දින අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණී.

අභිධජ මහා රට්ඨගුරු පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය කඹුරුගමුවේ වජිර නායක හිමියන්ට, අග්ග මහා පණ්ඩිත පදවියෙන වැඩිදුර >>

කොළඹ නගරයේ සහ දිවයින පුරා වෙසක් අසිරිය නැංවීමට ත්‍රීරෝද රථ එක් වෙයි.

වෙසක් උත්සවය නිමිති කොට ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරුණු කොළඹ ආශ්‍රිත මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ දහසක බෞද්ධ කොඩි සවිකරමින්, කොළඹ හා දිවයින පුරා විශේෂ වැඩසටහනක ආරම්භය 2023.05.03 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙ වැඩිදුර >>

ජාතික ආරක්ෂක විද්‍යාලයට සහ ත්‍රිකුණාමල ගුවන් හමුදා කඳවුරට ඉන්දීය ගුවන් හමුදාවේ සහාය...

ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි මහතා 2023.05.03 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහාය වෙනුවෙන් ඉන්දියාවට ස්තූතිය පුද කළ අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකා මුහුදු තීරයේ මෑත ක වැඩිදුර >>

වසර 136 කට පෙර ලංකාවේ පළමු බෞද්ධ ධජය එසවූ කොටහේන, දීපදුත්තමාරාම පුරාණ විහාරස්ථානයේදී බෞද්ධ ධජය ඔසවමින් අග්‍රාමාත්‍යවරයා වෙසක් සතිය නිල වශයෙන් අරඹයි...

කොටහේන, දීපදුත්තමාරාම පුරාණ තායි විහාරස්ථානයේදී 2023.05.02 දින නිල වශයෙන් වෙසක් සතිය අරඹමින් බෞද්ධ ධජය එසවීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදු කෙරිණි.

බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමෙන් අනතුරුව 1885 දී ප්‍රථමයෙන් ඔසවනු ලැබුයේ මෙම කොටහේන, දීපදුත්තමාරාම පුරාණ තායි විහාරස්ථානයේ වැඩිදුර >>

වෙළඳාම සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා අරාබි ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයක් පිහිටුවීමට ඊජිත්තුව ,අරාබි තානාපති වරුන්ගේ සංසදය සමග එක්ව කටයුතු කරන බව මෙරට ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති මැජට් මොස්ලේ මහතා පවසයි.

මෙරට ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති මැජට් මොස්ලේ මහතා 2023.04.28 දින පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

මෙම කවුන්සිලය පිහිටුවීමට අදාළව බලධාරීන් සහ වාණිජ මණ්ඩල සමග සාකච්ඡා කොට මූලික වැඩ කටයුතු සකස් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

වි වැඩිදුර >>

මැයි දින පණිවුඩය

වැඩ කරන ජනතා ලෙයින් දහදියෙන් පෝෂණය වූ අනාදිමත් ඉතිහාස සටහන් ඇති මාතෘ භූමියක් තුළ අප 137 වැනි ලෝක කම්කරු දිනය සමරමු.

අද අප එය සමරන්නේ ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික අර්බුදයක සටහන් මතය. මෙවැනි අර්බුදවලට මුහුණදුන් ලොව බොහෝ රාජ්‍යයන් නැවත ගොඩ නැගුනේ වැඩකරන ජනතා ශක්තියෙනි. එය අපටද උරුමය. න වැඩිදුර >>

’ප්‍රොජෙක්ට් රන්’ සම්මානලාභී පාසල් සඳහා සම්මාන පිරිනැමේ

’අපෙන් රටට - රට නැගුමට’ යන තේමාව ඔස්සේ මදර් ශ්‍රී ලංකා භාරය මඟින් ක්‍රියාත්මක කළ ප්‍රොජෙක්ට් රන් වැඩසටහනේ ත්‍යාග ප්‍රධානෝත්සවය අද (2023.04.28) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

පාසලේ හෝ පාසල අවට ප්‍රජාවේ ගැටළුවක් හඳුනාගනිමින්, එම වැඩිදුර >>

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙළෙඳ හා ආයෝජනවල වර්ධනයන් පිළිබඳව ඉතාලිය සමඟ සාකච්ඡා කරයි....

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉතාලි තානාපති රීටා ජූලියානා මැන්නෙල්ලා සමඟ සාකච්ඡා කරයි.

ඉතාලි තානාපති රීටා ජූලියානා මැන්නෙල්ලා මහත්මිය සහ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චිබි මහතා 2023.04.24 දින අරලියගහ මන්දිරයේ  වැඩිදුර >>

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කෘෂිකර්මාන්තය සහ බලශක්ති ආරක්ෂණය ඉහළනැංවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ ජපාන සහාය...

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා මෙම නව ජීවනෝපාය ව්‍යාපෘති 2023.04.24 දින අරලියගහ මන්දිරයේදී දියත් කෙරුණු අතර එය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජපාන තානාපති මිසුකොෂී හිදෙකි සහ UNDP ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කාන්තාවන් හා තරුණ ත වැඩිදුර >>

ඉන්දු - ලංකා සිංහල - දෙමළ සබඳතා තර කළ සීතා අම්මාන් කෝවිල.

වාල්මිකීගේ රාමායණය ඉන්දු ලංකා අනාදිමත් පුරාවෘත්තයන් සටහන් කරයි. දෙරට පුරා විසිරී ගිය එහි ජනප්‍රවාදයන් අතර නුවරඑළිය සීතා අම්මාන් කෝවිල ප්‍රධානතම ස්ථානය ගනී.

දෙමළ හින්දු ජනතාවගේ වන්දනාමානයට පාත්‍රවන මෙම ස්ථානය සිංහල ජනතාව ද පැදකුණු කරයි. මෙය ජාතික හා ආගමික සමගිය සදහා වූ තෝතැන වැඩිදුර >>

රාමසාන් පණිවුඩය

ශ්‍රී ලාංකික ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය මතු මතුවටත් ආරක්ෂා කරගනිමින්, අවිශ්වාසය, සැකය දුරු වූ යහපත් ජනසමාජයක් සඳහා වූ ඉගැන්වීම් දැඩිව ධාරණය කර ගනිමු.

අනාදිමත් කාලයක සිට රාමසාන් කාලය පුරා මුස්ලිම් ප්‍රජාව තම ආගමික වතාවන් හා ප්‍රාර්ථනා අගය කරමින්, අන් අයටද උපකාර කරමින් රට තු වැඩිදුර >>

රජයෙන් වැටුප ගන්න සමහර නිලධාරීන් දුප්පතුන්ට ආධාර දෙන සුබසාධක සමීක්ෂණ කටයුතු මග ඇරියා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අලුත් ගමක්- අලුත් රටක් ජාතික ඒකාබද්ධ සහභාගිත්ව සංවර්ධන වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම 2023.04.20 දින බදුල්ල දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

″රටක් හැටියට පසුගිය ක වැඩිදුර >>

මුස්ලිම් ප්‍රජාව, රටේ ව්‍යාපාර හා විවිධ ක්ෂේත්‍රයන්ට දෙන දායකත්වය වැදගත්. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.04.18 දින අරලියගහ මන්දිරයේ දී පැවැති ඉෆ්ථාර් උත්සවයේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

"නිදහසින් පසු වසර 75 ගතවන වසරේ එළැඹි ඇති මෙම සුබ අවස්ථාවේදී අප සමාජය තුළ එකාවන්ව ජීවත්වන ශ් වැඩිදුර >>

දුෂ්කර කාලය ආපස්සට තල්ලු කළේ ඔබ අපගේ කැපවීම සහ රජයේ ස්ථාවර ප්‍රතිපත්තියයි.... -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.04.18 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති පොල් පැළ බෙදාදීමේ උත්සවයේදීය.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 41 ක පිහිටුවා ඇති ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටු සඳහා පොල් පැළ දහසක් බෙදාදීම මෙහිදී සිදු කළ අතර ග්‍රාමීය ආර්ථික ප වැඩිදුර >>

අලුත් අවුරුද්දේ ස්වභාවධර්මය සමග එක්ව ඉටු කරන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අපගේ අනාදිමත් උරුමයක් - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

බියගම ඓතිහාසික හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා..

"අද මුළු ජාතියම මෙම අවස්ථාව සමග එක්ව සිටි. මෙය අපගේ උරුමයක්. පරිසරය සමග එක්ව මෙවැනි සංස්කෘතික උළෙලක් පවත්වන්නේ ශ්‍රී ලාංක වැඩිදුර >>