වැසීයාමට ආසන්නව තිබූ වැල්ලවත්ත වෛශාඛ්‍යා විද්‍යාලයට සිවුමහල් ගොඩනැගිල්ලක්...

වැල්ලවත්ත වෛශාඛ්‍යා බාලිකා විද්‍යාලයේ නව සිවුමහල් ගොඩනැගිල්ලක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.01.27 දින ඉඳි කිරීම් ආරම්භ විය.

වසර 60 ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම පාසලේ අධ්‍යාපන කටයුතු වසර කිහිපයක සිට අඩාල වීම හේතුවෙන් පාසල වැසී යාමේ තර්ජනයකට මුහුණ දී තිබිණි.

පසුව ප්‍රදේශවාසීන් ගේ මැදිහත් වීමෙන් පාසල නැවත නඟා සිටුවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරිණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද සාකච්ඡා කර ක්‍රියාත්මක කෙරුණු එම වැඩසටහන හරහා වැල්ලවත්ත වෛශාඛ්‍යා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් සංඛ්‍යාව මේ වන විට හාරසියය ඉක්මවා තිබේ.

මෙම පාසලට සිසුවියන් ඇතුළත් කිරීමට වර්තමානයේ ප්‍රදේශවාසීන් දැඩි උනන්දුවක් දක්වන හෙයින් ඉදිරියේ ඇතිවන පන්ති කාමර හිඟයට පිළියමක් ලෙස මෙම සිව් මහල් ගොඩනැගිල්ල ඉදිකෙරේ.

බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක තිරිකුණාමලයේ ආනන්ද හිමි උත්සවයේ මුලසුන හෙබවූ අතර, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා මෙම විද්‍යාලෙය් දියුණුව වෙනුවෙන් දායකත්වය සපයන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සභාපති වැල්ලවත්තේ මාපිගමාතා සිල් මෑණියන් ඇතුළු දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගි වූහ.