ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු බව හා එම මුදල්වලට වෙන්නේ මොකක්ද කියලා සොයා බලන්න ජනතාවට අයිතියක් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කොළඹ හැව්ලොක් පෙදෙසෙහි පිහිටි මයුරාපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිල අසල ශ්‍රවනාගාරයේ අප්‍රේල් 21 දින පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.
මෙහිදී මයුරාපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලෙහි ආශිර්වාද පූජාවකට ද අග්‍රාමාත්‍යවරිය එක්විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
"කොළඹ නගරය කියලා කියන්නේ විවිධත්වයෙන් පිරුණු නගරයක්. එහි කුඩා භූමි ප්‍රමාණයක් තුළ විවිධ ජාතීන් ,ආගම් හා පන්තිවල ජනතාව ජීවත් වේ. ඉතාම පොහොසත් පිරිසක් මෙන්ම තමන්ගෙ මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට නොහැකි පිරිස් දක්වා විශාල පරාසයක මිනිසුන් ජීවත් වන නගරයක් තමයි කොළඹ කියන්නේ. ඉතින් මෙහි අවශ්‍යතා වැඩියි.කොළඹ කියන්නේ ශ්‍රී ලංකාවේ හදවතයි.
නමුත් අදටත් කොළඹ නගරයේ සංවර්ධනය විය යුතු දේවල් විශාල වශයෙන් තියෙනවා. ඒ වගේම තමයි කොළඹ මහ නගර සභාව වාර්ෂික විශාල ආදායමක් ලබනවා. ඔබ බලනව ඇති ඔබ ගෙවන ඒ බදු මුදල් වලට වෙන්නේ මොනවද කියලා.
ඒ නිසාම ඔබට තේරෙනවා ඇති කොළඹ මහ නගර සභාව දූෂණයෙන් තොර පිරිසක් අතට පත් කළ යුත්තේ ඇයි කියලා. ජාතික ජන බලවේගය ඉදිරිපත් කරලා තියෙන කණ්ඩායම අන්න ඒ වගේ කණ්ඩායමක් කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසීය.
මෙම හමුවට කොළඹ පුරපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය