විශ්වවිද්‍යාල සිසුන් සිදුකරන උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන බවත්, නමුත් ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු සමාවක් ලබා නොදෙන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් සහ සිසුන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
නව පුස්තකාලය විවෘත කිරීම සංකේතවත් කරමින් සමරුඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍යවරිය, නව පුස්තකාල පරිශ්‍රෙය් නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය. අනතුරුව විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු පිළිබඳවද අවධානය යොමු විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය,
රජයේ අපේක්ෂාව වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ ප්‍රමාණාත්මක වර්ධනයකට වඩා, ලෝකයට මුහුණ දිය හැකි, ලෝකයත් සමඟ ගනුදෙනු කළ හැකි සිසුන් බිහිකරන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන ස්ථාන බවට විශ්ව විද්‍යාල පත් කිරීමයි. විශ්වවිද්‍යාල හුදු පළමු උපාධිය හිමි උපාධිධාරීන් පමණක් බිහි කරන කාර්යයෙන් ඔබ්බට ගොස් පශ්චාත් උපාධි අධ්‍යයනයයන් සහ රටට ලෝකයට වැඩදායී සහ ඵලදායී පර්යේෂණ සිදුකරන ස්ථාන බවට පත්කරගැනීම තමයි රජයේ අපේක්ෂාව,
පසුගිය කාලවල අපගේ විශ්වවිද්‍යාල පද්ධතිය ව්‍යාප්ත වුණා. නමුත් එහි ගුණාත්මක භාවයට ප්‍රමාණවත් අවධානයක් යොමු වෙලා නැහැ. අපගේ විශ්වවිද්‍යාලවලින් පිටවන ශිෂ්‍යයින් විශ්වාසයකින් යුතුව ලෝකයට මුහුණ දීමට සූදානම් බව අප සහතික කළ යුතුයි.
ඉදිරි වසර කිහිපය තුළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමේ පවතින බවට සහතික කරමින් පශ්චාත් උපාධි, ගුරු පුහුණු විශ්වවිද්‍යාල බවටත්, පර්යේෂණයේ විශිෂ්ටතා මධ්‍යස්ථාන බවටත් පත්කිරීම අවශ්‍යයි.
විශ්වවිද්‍යාලවලට තමන් බිහිකරන උපාධිධාරියා පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව මේ සභාවේ සිටින බොහො දෙනා එකඟ වෙනවා ඇති.
විශ්වවිද්‍යාලයට පැමිණෙන නවක සිසුන් තුළ තිබිය යුතු ගුණාත්මකභාවය සහ අවශ්‍ය මූලික කුසලතා ඒ දරුවන්ට නැහැ. පාසලේ දී ඉගෙන ගතයුතු දේ විශ්වවිද්‍යිලයේදී උගන්වන්න ඒනිසා අපට සිද්ධ වෙනවා. ඒ පාසල් අධයාපනයෙන් සිදුවිය යුතු කාර්ය නිසි ලෙස සිදු නොවන නිසා.
මෙම තත්ත්වය මෙරට උසස් අධ්‍යාපන පද්ධතියට විශාල බලපෑමක් ඇති කර තිබෙනවා, දරුවෙකු පාසලෙන් පිටවන විට, ඔවුන් වැඩ ලෝකයට හෝ උසස් අධ්‍යාපනයට සූදානම් බව සහතික කිරීමට අපි අමතක නොකළ යුතුයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ඒ තත්ත්වය වෙනස් කරන්න කටයුතු කරනවා.
ඒවගේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව විදිහට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬනගන්න, උද්ඝෝෂණ කරන්න, ශිෂ්‍ය දේශපාලනය කරගෙන යන්න අපෙන් කිසිම බාධාවක් නෑ. ඒත් විශ්වවිද්‍යාල තුළ කිසිම ආකාරයක ප්‍රචණ්ඩත්වයකට, නවක වදයට හෝ සාමකාමි ශිෂ්‍ය ප්‍රජාවට හානිකර කිසිම දේකට ඉඩ දෙන්නේ නෑ. එවැනි දේ වෙනුවෙන් සමාව දෙන්න සූදානම් නැහැ.
විශ්ව විද්‍යාලය විද්‍යාර්ථයින් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය පහසුකම්, ප්‍රශස්ත මට්ටමින් ලබා දිය යුතුබවට රජය ප්‍රතිපත්තිමය තිරණයක සිටින බවත්, ඒ වෙනුවෙන් කටයුතුකරන බවත්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
වව්නියාව විශ්වවිද්‍යාලයේ කුලපති, උපකුලපති, ආචාර්ය මණ්ලය, පරිපාලන නිලධාරීන් සහ සිසුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය