සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියා තානාපති Katharina Wieser මැතිණිය (නවදිල්ලියේ සිටින) සැප්තැම්බර් 30 වන දින අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
ශ්‍රී ලංකා - ඔස්ට්‍රියා සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා Wieser මැතිණිය කළ සේවය පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, තිරසාර බලශක්ති සහ තාක්‍ෂණය සඳහා ඔස්ට්‍රියා රජයේ ආයෝජන ආකර්ෂණය කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළා ය. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී තානාපතිවරිය දැනුවත් කළ අතර ඔස්ට්‍රියාව සමග සහයෝගීතාව වැඩිදියුණු කරගත හැකි ක්ෂේත්‍ර පිළිබඳ දෙපාර්ශවය සාකච්ඡා කළාය.
යළි රට යථා තත්ත්වයට පත් කිරීමට මග පෙන්වීම සඳහා නව රජය දරන උත්සාහයන් තානාපති Wieser මැතිණිය විසින් පැසසුමට ලක් කළ අතර ඔස්ට්‍රියාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ කරුණු බෙදාහදා ගත්තා ය. ද්විපාර්ශවික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගනිමින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ප්‍රමුඛ පෙලේ ඔස්ට්‍රියානු ජාතිකයින් හට අග්‍රාමාත්‍යවරිය ආරාධනය කළාය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු අමෙරිකානු අංශය, අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමෙරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂ කෞමදී විජේසිංහ මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය