සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් 2025 සැප්තැම්බර් 25 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණි.
නියෝජිත පිරිස පිළිගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය අංශයේ පරිපාලන හැකියාවන් සහ ධාරිතා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර ඒ සඳහා මීපේ පිහිටා ඇති දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය (SACTD) සමඟ එක්ව කටයුතු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළාය.
ලී ක්වාන් යූ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධතා අධ්‍යක්ෂ කාර්ටිනි බින්ටේ අබ්දුල් රහ්මාන් මහත්මිය, එම පාසලේ අරමුණ පැහැදිලි කළ අතර, ආසියාව පුරා රාජ්‍ය අංශයේ නායකයින් පුහුණු කිරීමට දායකත්වය සැපයීම, ධාරිතා සංවර්ධනය සදහා තම කැපවීම පැහැදිලි කළාය. තවද, ඇය විසින් නායකත්වය, ධාරිතා සංවර්ධනය හා පර්යේෂණ අවස්ථා පවත්වාගෙන යාමට සුදුසු උසස් ජාත්‍යන්තර අධ්‍යයන පරිසරයක් ඇතිකිරීම සඳහා තම ආයතනය දක්වන උනන්දුව පෙන්වා දුන්නාය.
මෙම අවස්ථාවට, ලී ක්වාන් යූ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ, අධ්‍යයන කටයුතු, කලාප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ප්‍රධානී මාලිත් ලායිසා ජීන් ලාට්සා මහත්මිය, අධ්‍යයන කටයුතු, කලාප අංශයේ නියෝජ්‍ය ප්‍රධානී හිල්මන් සෝබ්හ්රි මහතා, ලී ක්වාන් යූ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ආදි ශිෂ්‍යයින් පිරිසක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය