අගමැතිනිය යාපනය නල්ලූර් කෝවිල, නාගවිහාරය සහ යාපනය පුස්තකාලයට යයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ උතුරු පළාත් බලධාරීන් දැනුවත් කිරීම් අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (03) පෙරවරුවේ නල්ලුර් කන්දස්වාමී කෝවිල, යාපනය ශ්‍රී නාගවිහාරය සහ යාපනය පුස්තකාලයට ද පැමිණියා ය.

අග්‍රාමාත්‍යතුමිය අද පෙරවරුවේ යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිලට පැමිණ අශිර්වාද ලබා ගත්තාය. වාර්ෂික මංගල්‍ය පැවැත්වෙන වකවානුවක යාපනය නල්ලූර් කොවිලට පැමිණ ආශිර්වාද ලබා ගැනීමට ලැබීම භාග්‍යයක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය.

එසේම යාපනය නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාය වෙත පැමිණ අගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව, විහාරධිපති පූජ්‍ය ශ්‍රාස්ත්‍රවේදී මීගහජඳුරේ සිරිවිමල නායක හිමියන් බැහැ දැක, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පළිබඳව උන්වහන්සේ දැනුවත් කළාය. උතුරු පළාතේ ආගමික සහ ජාතික සමඟිය වෙනුවෙන් නාගවිහාරය විසින් සිදු කරමින් යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ, අග්‍රාමාත්‍යවරිය ජාතික සමඟිය සඳහා භාෂාව ඉතා වැදගත් බවත්, එනිසාම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගින් දෙවන බස පළමු වසරේ සිට ප්‍රායෝගික විෂයක් ලෙස ඇතුළත් කර ඇති බවත් පැවසුවාය.

අනතුරුව යාපනය පුස්තකාලයේ නිරීක්ෂණයක යෙදෙමින් එහි පැමිණ සිටි දරුවන් සමඟ සුහද පිළිසඳරක ද යෙදුණු අග්‍රාමාත්‍යතුමිය

යාපනය පුස්තකාලයට ගිනි තැබීමෙන් සිදු වූ පාඩුව පිරිමසාලිය නොහැකි බවත්, වත්මන් රජය යටතේ යාපනය පුස්තකාලය සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් බවත් පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය