මෙහිදී මහජන චීන සමූහාණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නායකයින් විසින් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගත් අතර අග්‍රාමාත්‍යවරිය ජනතා වීරයන්ට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයකට සහභාගී විය.
දෙරට අතර දිගු කලක් පුරා පවතින ගෞරවය සහ මිත්‍රත්වය සංකේතවත් කරමින් මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ සහ චීනයේ ජාතික ගීත වාදනය කරන ලදී.
මෙම සුවිශේෂී උත්සව අවස්ථාව මඟින් චීනයේ ඓතිහාසික උරුමය හඳුනා ගැනීමට අවස්ථාවක් මෙන්ම දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සහ අන්‍යෝන්‍ය මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය