විපක්ෂය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැරදි අර්ථකථනයන්ට ලක් කරන්න එපා…
හදිසි නීතිය භාවිත කර මාධ්‍ය හෝ කිසිඳු පාර්ශවයක් මර්දනය කිරීමට රජය කිසි ලෙසකත් කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙබරවාරි 06 වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා ය.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශ කිරීම පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව පවසන ලදී.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මේ රටට වූ හානිය, මේ රටේ ජනතාවට වූ හානිය සියලු දෙනා හොඳින් දන්න කාරණයක්. අපි බලාපොරොත්තු නොවූ අන්දමට අපේ රටේ යටිතල පහසුකම් වන පාරවල්, ඒ වගේම පාලම් වලට කොතරම් හානියක් වුණාද කියන එක පිළිබඳව නැවත නැවත අවධාරණය කළ යුතු නැහැ. පාසල් ගණනාවක් , නිවාස ගණනාවක්. අපිට තියෙනවා නැවත ගොඩනැගීමට සහ තිබෙන ස්ථාන වලින් ඉවත් කිරීමට. ඒ වගේම මෙතෙක් ඉතිහාසයේ නොවූ අපි දැකපු නැති තරමේ නායයෑම් සිදු වෙලා තියෙනවා. මේ වනවිටත් 1300 ක් පමණ නායයෑම් පිළිබඳ NBRO වාර්තා ලැබි තිබෙනවා.
ඉතින් ඒ තත්වයන් තුළ ගරු සභාපතිතුමියනි, අපට සිදු වී තියෙනවා මේ සඳහා ඉක්මන් මැදිහත් වීමක් කරමින් . ඒ මැදිහත්වීම සඳහා සම්පත් බලමුලු ගන්වන්නට. මානව සම්පත වගේම අවශ්‍ය වන ඒ ද්‍රව්‍යමය අවශ්‍යතාවයන්, මේ සියල්ලම අපිට ඉතාමත් ඉක්මනින් බලමුලු ගන්වමින් ක්‍රියාත්මක කරන්නට මෙන්ම යළි යථා තත්ත්වයට ගෙන ඒමට වගේම මේ සිදු වූ හානිය අවම කිරීමට ගතයුතු පියවර ගැනීම සඳහාත් අපිට විශාල වැඩ කොටසක් පැවරිලා තියෙනවා.
මෙම හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවය පැන නගින්නේ ඔන්න ඔය තත්වය මත පමණයි. අපට අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට හැකි වීමත්, ඒ වගේම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමත් තමයි මෙයින් අපි බලාපොරොත්තු වන්නේ. මේ ප්‍රධාන කරුණු දෙක සඳහා තමයි අපි මේ නීතිය පාවිච්චි කරන්නේ. ඇති වී තිබෙන තත්වය තුළ කළ යුතු දේ කාර්යක්ෂමව සහ ඉතාමත්ම වේගයෙන්, ජනතාවගේ ජීවිත යථා තත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය මත තමයි අපි මේ නීතිය තව මාසයක් දීර්ඝ කරන්නට ගරු පාර්ලිමේන්තුවට මෙය ඉදිරිපත් කරලා තියෙන්නේ. යනුවෙන් පැවසී ය.
එමෙන්ම පදනම් විරහිත තොරතුරු ප්‍රකාශ කිරීම පොදු විපක්ෂයේ පුරුද්දක් බවට පත්වී ඇති බවත් විපක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් හරහා ද එවැනි ප්‍රකාශ සිදුවීම කණගාටුවට කාරණයක් බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.
මෙහිදී ත්‍රිකුණාමලයේ භික්ෂූන්ගේ සිදුවීම උදාහරණ ලෙස ඉදිරිපත් කරමින් එම සිදුවීමට අදාළව අත් අඩංගුවට ගැනීම් හදිසි නීතිය යටතේ සිදුකළ බවට විපක්ෂය ප්‍රකාශ කළද එම සිද්ධියට අදාළව නීතිය ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය නීතිය යටතේ බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය. හදිසි නීතිය යටතේ සිදු කළ හැකි දේ නොව රජය හදිසි නීතිය කුමක් වෙනුවෙන් පාවිච්චි කළේ ද යන කාරණය මෙම විවාදයේදී සාකච්ඡාවට ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය කියා සිටියා ය.
රජය කිසි ලෙසකත් හදිසි නීතිය අවභාවිතා කරමින් මාධ්‍ය හෝ කිසිදු මහජන විරෝධතාවයක් මර්දනය කිරීමට කටයුතු කොකළ අතර රජය මැදිහත්වීමෙන් එවැනි මර්දනය වීම් සිදු කර ඇත්නම් එම සිදුවීම් නිශ්චිතව ගෙනහැර දක්වන ලෙස අග්‍රාමාත්‍යවරිය පැවසී ය.
එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව විපෂයේ ප්‍රකාශ පිළිබඳ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී සහ ඇතිවූ අර්බුද හමුවේ රජය විසින් වගකිව යුතු රජයක් ලෙස මැදිහත්වීම් සිදු කර ඇති අවස්ථාවේ දී විපක්ෂය ඒ පිළිබඳව ව්‍යාකූල තත්වයක් සමාජගත කිරීමට උත්සාහයක යෙදෙමින් ගෙන යන දෙබිඩි ප්‍රතිපත්තිය ප්‍රශ්න කළ යුතු බව කියා සිටියා ය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හය ශ්‍රේණිය මොඩියුලවලට එහා ගිය ක්‍රියාවලියක් බැවින් මෙම ප්‍රතිසංස්කරණ කිසි ලෙසකත් වැරදි ලෙස අර්ථකථනයන්ට ලක් නොකරන ලෙස අග්‍රාමාත්‍යවරිය විපක්ෂයට පැවසී ය. ප්‍රතිසංස්කරණ වලට අදාළව කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වැඩකටයුතු එලෙසම ක්‍රියාත්මක බවත් ප්‍රතිසංස්කරණ අත්හිටුවීමක් කිසිසේත්ම සිදු නොවන බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි ලබාදීමේ කටයුතුවල මාස දෙකක කාලයක් තුළ ප්‍රගතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.
ඒ අනුව පෙබරවාරි 02වැනි දා ට අදාළව දරුවන් වෙනුවෙන් ලබා දුන් දෙන රුපියල් 15,000 දීමනාව මේ වන 72%ක් සඳහා ද, මරණ වන්දි ලබාදීම් 50% ක් සඳහා ද, රුපියල් 50,000 දීමනාව 77% ක් සඳහා සහ රුපියල් 25,000 දීමනාව 98% ක් සඳහා ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය