අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් 13 වන දින බීජිංහිදී චීන මහජන දේශපාලන උපදේශන සමුළුවේ (CPPCC) ජාතික කමිටුවේ සභාපති අතිගරු Wang Huning මහතා හමුවිය.
මෙහිදී කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා කළ ආරාධනය පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකා දූත පිරිසට ලැබුණු උණුසුම් ආගන්තුක සත්කාරයට කෘතඥතාව පළ කළා ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ පසුගිය දශක කිහිපය තුළ චීනයේ කැපී පෙනෙන ප්‍රගතිය සහ සමාජ ස්ථාවරත්වය අගය කරමින්, මහජන චීන සමූහාණ්ඩුවේ 76 වන සංවත්සරයට අග්‍රාමාත්‍යවරිය සුබ පැතුම් එක් කළාය.
දිගුකාලීන ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ වෙළඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය, සංස්කෘතික හුවමාරු, අධ්‍යාපනික සහ ජනතා සහයෝගිතා ඇතුළු බහුවිධ අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉදිරියට ගෙන යාම කෙරෙහි ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
දකුණ-දකුණ සහයෝගීතාවයේ අඩිතාලමක් ලෙස 1952 වසරේ දී ක්‍රියාත්මක වූ ඓතිහාසික සහල්-රබර් ගිවිසුම (CRI) පිළිබඳ සිහිපත් කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සංවර්ධනය තුළින් එය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කළා ය. මෙම නිල සංචාරයේ ප්‍රතිඵල සහ අනෝන්‍ය වටිනාකම් සහ ගෞරවය ආරක්ෂා වන පරිදි ලංකා-චීන උපායමාර්ගික සහයෝගීතා ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශවයේ නායකයින්ගේ එකඟතා ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වයේම කැපවීම මෙහිදී තවදුරටත් අවධානය යොමු විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය