ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් H.E. Santosh Jha මහතා විසින් 2025 ජුනි 16 වන දින ඉන්දීයානු නිල නිවසේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමයේ සාමාජිකයින් සඳහා විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්විය.
මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, කාන්තා සහභාගීත්වය සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාව පිළිබඳ සහයෝගීතාව ප්‍රවර්ධනය සඳහා අවධානය යොමු විය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමයේ සභාපති, සවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරමින් ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමයේ සාමාජිකාවන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය