සන්නස්පත්‍ර ප්‍රදානයෙන් අනතුරුව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යතුමිය,
අද මේ විහාරස්ථානයට සුවිශේෂී දිනයක්, කඩුවෙල කොතලාවල ග්‍රාමයේ පිහිටි සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානය රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ සන්නස් පත්‍රය අපේ නායක ස්වාමින්වහන්සේට පූජා කළා.සුවිශේෂී දවසකයි මෙම උත්සවය පවත්වන්නෙ, ඒ මෙම විහාරස්ථෘනයේ වර්තමානයේ නායකත්වය සපයමින් වැඩ සිටින, අතිපූජ්‍ය කනංගම නාරද නා හිමිපානන් වහන්සේගේ ජන්ම දිනයටම යෙදී තිබීම යි. තවත් බොහෝ කාලයක් ධර්ම සේවයේ යෙදෙන්නට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි උන්වහන්සේට ප්‍රාර්ථනා කරනවා.
මෙහි පැරණි බුද්ධ මන්දිරය ගම්පොළ, කෝට්ටේ යුගයට අයත් පෞරාණික සිතුවම් සහ පිළිම වහන්සේලා වැඩ සිටින බව පුරාවිද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා. අද ඒ වටිනා මැණිකක් බඳු අපේ ඒ එතිහාසික උරුමය සියැසින්ම දැකබලා ගැනීමේ භාග්‍යය මට ලැබුණා. ඒ ගැන මම අතිශයින් සතුටට පත්වෙනවා.
රටක සමාජයේ යහ පැවැත්මට සහ ප්‍රජාවගේ ඒකාබද්ධතාවයට ඒ රටේ ඉතිහාසය, සංස්කෘතිය සහ උරුමයන් යන කාරණා ලොකු හේතුවක් වෙනවා. අපගේ උරුමයන් තමයි අපට අනාගතය වෙනුවෙන් ශක්තිමත්ව ගොඩනැගෙන්නට පසුබිම හදා දෙන්නෙ.
ඒ උරුමයන්ගේ වටිනාකම් තව තවත් සියලූම ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන අයුරින් රැකගැනීම රජයක් ලෙස අප වෙත පැවරෙන භාරදූර වගකීමක් වෙනවා. ඒ නිසාම මේ වැදගත් අවස්ථාව වෙනුවෙන් මා හට සම්බන්ධ වීමට ලැබීම භාග්‍යයක් කොට සලකනවා.යැයි ද අග්‍රාමාත්‍යතුමිය පැවසීය
මෙම අවස්ථාවට, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අති පුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය බළපිටියේ සිරි සීවලී නාහිමිපාණන් වහන්සේ, ඇතුළු මහා සංඝ රත්නයද, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මැතිතුමා, කඩුවෙල මහ නගරසභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන අසිත නිරෝෂණ,කෞෂල්‍යා ආරියරත්න ඇතුළු දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, මෙන්ම විහාරස්ථානයේ දායකසභාවේ සාමජික සාමජිකාවන් විශාල පිරිසක් ද සහභාගීවූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය