අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අගෝස්තු 11 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
මෙහිදී අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, නායකත්වය සහ සැලසුම්කරණය පිළිබඳ අධ්‍යාපන අංශයේ නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන්වල අවශ්‍යතාවය වැඩිදුරටත් අවධාරණය කළාය.
දෙමළ භාෂා මාධ්‍යයේ පවතින ගුරු හිඟයට කඩිනමි විසඳුම් ලබා දීමේ අවශ්‍යතාව සහ වැඩි අධ්‍යාපන ප්‍රවේශය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී කරුණු පැහැදිලි කළාය.
දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින ඉන්දියානු ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කළ ඉන්දීය මහකොසාරිස් සන්තෝෂ් ජා මහතා, වතු පාසල් ව්‍යාපෘති, ස්මාර්ට් පන්ති කාමර සහ ගුරු පුහුණු වැඩසටහන් පිළිබඳව පුළුල් ලෙස කරුණු පැහැදිලි කළේය. අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් තවදුරටත් සමීපව කටයුතු කිරීමට ඉන්දියානු රජයේ ඇති උනන්දුව ප්‍රකාශ කළ මහකොමසාරිස්තුමන්, දෙරටේ විශ්වවිද්‍යාල අතර ශිෂ්‍යත්ව ලබා දීම සඳහා මෙම සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද පැහැදිලි කළේය.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහ සහයෝගීතා අංශයේ දෙවන ලේකම් අශෝක් රාජු, වාණිජ අංශයේ ප්‍රථම ලේකම් Surabh Sablok, අධ්‍යාපන, උසස අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය