අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද ( 17) නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ප්‍රමුඛතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළේය.
අග්‍රාමාත්‍ය මෝදි මහතා විසින් අග්‍රාමාත්‍යතුමිය උණුසුම් ලෙස පිළිගත් අතර ද්විපාර්ශ්වික සබඳතාවන් සහ දෙරට අතර පවතින බහුවිධ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට මෙම සංචාරය උපකාරී වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.
1990 දශකයේ මුල් භාගයේදී ICCR ශිෂ්‍යත්වයක් ලබා තමන් දිල්ලි විශ්ව විද්‍යාලයේ හින්දු විද්‍යාලයට ඇතුලත් වුනු ආකාරය සහ එය තම ජීවිතයට උපකාරී වූ ආකාරය ඇතුළු ඉන්දියාවේදී ලද සිය අත්දැකීම් අග්‍රාමාත්‍යතුමිය අගමැති මෝදි මහතා සමඟ බෙදා ගත්තාය.
මෙම ඉන්දිය සංචාරය අතරතුර දිල්ලියේ ආදර්ශ පාසලක සිදු කළ සංචාරය නව්‍ය අධ්‍යාපන ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීමට වටිනා අවස්ථාවක් වූ බවද අගමැතිවරිය මෙහිදී සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අගමැති මෝදි සහාය පළ කළ අතර, විශේෂයෙන් පාසල් හැර යන තරුණ තරුණියන් මුහුණ දෙන අභියෝග සහ සමාජ ගැටලුවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, සියලු දෙනා ඇතුළත් කර ගත් සහ සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහය පිළිබඳවද ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.
දෙරටේ ධීවරයින්ගේ සුභසාධනයට අදාළ කරුණු සහ දෙපාර්ශ්වයේම ධීවරයින්ගේ ජීවනෝපායන් සහ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී අවධාරණය කළාය.
දෙරටේ සංවර්ධන ගමනේදී හවුල්කාරිත්වයෙන් යුතුව කටයුතු කිරීමට ඉන්දීය රජය කැපවී ක්‍රියා කරන බවටත්, ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සහ ඩිජිටල් පාලනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට නිරන්තර සහයෝගය ලබාදෙන බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කළේය.
අනුරාධපුර පූජනීය නගරය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විශේෂයෙන් එළඹෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උණුසුම් සුබ පැතුම් අගමැති මෝදි වෙත ප්‍රකාශ කරන බව මෙහිදී අග්‍රාමාත්‍ය ආචිර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය