අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech ආයතනය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්ආදී ආයතනවල නිලධාරීන් සමඟ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජූලි 21 දින පාර්ලිමේන්තුවේදි සාකච්ඡාවක් පැවැත් විය.
එහිදී වත්මන් රජය ආරම්භ කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ඩිජිටල් පහසුකම් සැපයීමේ ඉලක්කය සහිතව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කාර්ය සාධක බලකායේ මඟ පෙන්වීම යටතේ පසුගිය වසර තුළ පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් සකස් කිරීම, ස්මාර්ට් පුවරු, අන්තර්ජාල පහසුකම් සහ පරිගණක ලබා දීම ඇතුළු ව්‍යාපෘති ගණනාවක් සිදු කරඇති බවත්, එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහාය ඇතිව ආරම්භ කළ NEMIS (National Education Management Information System) පද්ධතියේ HRM මොඩියුලයේ පළාත් හතරක කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර, ඉතිරි පළාත් පහේ තොරතුරු ඉදිරි මාස තුන තුළ ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවත් නිලධාරීන් පෙන්වා දුන්නේය.
ගුරු ස්ථාන මාරු සඳහා මෙම NEMIS (National Education Management Information System) පද්ධතිය ඉදිරියේදී භාවිත කිරීමට නියමිත අතර, මේ වන විටත් සබරගමුව සහ බස්නාහිර පළාත්වල ගුරු ස්ථාන මාරු කටයුතු මෙමගින් සිදු කිරීම ආරම්භ කර තිබේ.
තවද, දත්ත ඇතුළත් මානව සම්පත් කළමනාකරණ මොඩියුලය යාවත්කාලීන කිරීමද ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.
පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දීමට Fibre තාක්ෂණය යොදා ගැනීමේ ප්‍රගතියද අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට ලක් වූ අතර දෙසැම්බර් 31 වනවිට එම පහසුකම් ලබා දී අවසන් කිරීමටත්, Fiber තාක්ෂණය යටතේ අන්තර්ජාල පහසුකම් ලබා දීම ප්‍රායෝගිකව අපහසු පාසල් සඳහා Wireless or Satellite තාක්ෂණය යොදා ගැනීමටත් තීරණය විය. මේ සඳහා සියලු සේවා සපයන්නන්ගේ තරඟකාරි යෝජනා සැලකීමට ලක් කර ඉදිරි ක්‍රියා මාර්ග අධ්‍යපන අමාත්‍යාංශ ලේකම් විසින් සිදු කිරීමට නියමිතය.
LMS (Learning Management System) සහ NEMIS (National Education Management Information System) පද්ධති පූර්ණ ලෙස ක්‍රියාත්මක කරමින් සියලුම පාසල් ඒ හා සම්බන්ධ කිරීම, ’ඊ-තක්සලාව’ යාවත්කාලීන කිරීම සහ අධ්‍යාපන ඩිජිටල්කරණය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා GovTech ආයතනය අතර ගිවිසුම්ගත වීම ඇතුළු ඉදිරි සංවර්ධන කටයුතු රාශියක් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෙද්‍ය මධුර සෙනෙවිරත්න, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය