දකුණු කොරියාවේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසට Gyeongsungbuk පළාතේ ආණ්ඩුකාරවරයා විසින් පළාත් පාලන යුග ශාලාවේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විය.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, අනූප පැස්කුවල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, රාජිකා වික්‍රමසිංහ, මුදිතාද සොයිසා, ජගත් කුමාර, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුර >>

දකුණු කොරියාවේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.04.03) එරට එන්නත්කරණය සහ ජෛව තාක්ෂණ පර්යේෂණ පිළිබඳ ගෝලීය ආයතනික හවුල්කරුවෙකු වන එස්.කේ. බයෝටෙක් (SK Biotech) පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, අනූප පැස්කුවල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, රාජිකා වික්‍රමසිංහ, මුදිතාද සොයිසා, ජගත් කුමාර, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුර >>

දකුණු කොරියාවේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිස අද (03) Incheon ගුවන්තොටුපළ වෙත ළඟා වූ අවස්ථාව.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, අනූප පැස්කුවල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, රාජිකා වික්‍රමසිංහ, මුදිතාද සොයිසා, ජගත් කුමාර, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුර >>

අපේ ජනතාවගේ වටිනා කැපකිරීම් නැවත නැවතත් ආවර්ජනය නොකළොත්, සටන් ව්‍යාපාර හා උරුමයන් ඉතිහාස පොතෙන් මැකී, පිටු ගැලවී යාවී... - පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා

ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ, පදනම් ආයතනයේ පැවැති ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 52 වැනි ගුණසමරුවට (2024.03.31) එක්වෙමිණි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා

අප රටේ පමණක් නොව මහද්වීප ගණනාවක පොදු මහ ජනතාවගේ ජයග්‍රහණයන් වෙනුවෙන් කැප කිරීම් රාශියක් කළ  වැඩිදුර >>

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයෙන් අප ජීවිත ආලෝකමත් කර ගනිමු

වත්මන්, සංකීර්ණ සමාජ අනවබෝධයන් හමුවේ මානව සබඳතා සහ සමාජ ධර්මතා කෙරෙහි අවධානය යොමු කරමින් සමාජය සැමවිට නිවැරදි මගට ප්‍රවිශ්ට කිරීමේ මඟ හෙළි කිරීමට පාස්කු දින අදිටන් කර ගනිමු.

ධෛර්යවන්තව යහපත් අරමුණු සාක්ෂාත් කර උදෙසා සඳහා මිනිසා පාපයෙන් ගලවා, සමාජ සාධාරණය, දයාව, ප්‍රේමය, මනුෂ් වැඩිදුර >>

චීනයේ ෂැංහායි සහ කොළඹ සහෝදර නගර සම්බන්ධතාවය වේගවත් ඉදිරි ගමනක...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.03.29) චීනයේ ෂැංහායි නගරයේදී ෂැංහායි නගරාධිපති ගොන්ග් සෙන්ග් (Gong Seng) මහතා සමග දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

ලොව වරාය නගරවලින් ප්‍රථම ස්ථානයට පත්ව ඇති චීනයේ ෂැංහායි සහ ඉදිරි කාලයේදී නැගෙනහිර සහ බටහිර අතර නාවික ගමනාගමන කේන්ද්‍රස්ථානයක් වීමට සැලසු වැඩිදුර >>

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2024.03.28 දින බොආ‍ඕ (BOAO) සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව චීනයේ හයිනාන් පළාතේ වෙන්චැං හි නිවර්තන විද්‍යා පිළිබඳ චීන ඇකඩමියේ නිරීක්ෂනයක නිරත විය.

එම විද්‍යා පීඨයේ විද්‍යාඥයෝ තම්බිලි ඇතුළු දෙමුහුන් පොල් ප්‍රභේද නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදය ප්‍රථම වරට පැහැදිලි කළහ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්හොන්ග්, අග්‍රාමාත්‍ය ලේකම් අ වැඩිදුර >>

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන්න... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටීයි.

ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියේ ය.

ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්‍රණය, අද (2024.03.28) චීනයේ හයිනාන් නුවර දී ඇමතූ අග්‍රාමාත්‍යවරයා “ චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping)  වැඩිදුර >>

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්...

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (2024.03.27) බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණි.

ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන මිත්‍රත්වය, සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ පස්විධ ප්‍රතිපත්ති යටතේ ඉදිරියටත් ක්‍ර වැඩිදුර >>

අග්‍රාමාත්‍යවරයා චීන බෞද්ධ සංගමයේ සභාපති, පූජ්‍ය යැං ජූ (Yan Jue) සංඝරාජ නාහිමියන් බැහැදකී

චීනයේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා (27) චීන ජාත්‍යන්තර හෝටලයේදී චීන බෞද්ධ සංගමයේ සභාපති, පූජ්‍ය යැං ජූ (Yan Jue) සංඝරාජ නාහිමියන් බැහැදැක සාකච්ඡා පැවැත්වීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර වැඩිදුර >>

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දෙන බවට චීනය සහතික වෙයි...

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව සහය වන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට සහාය වන බවත් චීන අග්‍රාමාත්‍ය ලි කියැන් (Li Qiang) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහතික විය.

2024.03.26 දින බීජිං හි පැවති ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී චීන අග්‍රාමාත වැඩිදුර >>

චීන කථානායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ දීර්ඝ සාකච්ඡාවක..

2024.03.26 දින චීනයේ බීජිං අගනුවර මහජන මහා ශාලා පරිශ්‍රයේ (Great Hall of the People) දී චීනයේ මහජන ජාතික සභාවේ සභාපති එනම් එරට කථානායක ගරු සාඕ ලේජී මැතිතුමා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලැබුවා.

දෙරට පිළිබඳ ඓතිහාසික සබඳතා මෙන්ම පසුගිය දශක ගණනාව තුළ දෙරට ජනතා වැඩිදුර >>

චීන - ශ්‍රී ලංකා සහයෝගීතාවයෙන් ගිවිසුම් 9කට අත්සන් තැබේ....

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තැබීම අද (2024.03.26) චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Qiang) මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

අග්‍රාමාත්‍යවරයා අද තියන්මාන් චතුරස්‍රයේ රණවිරු ස්මාරකයේදී දිවිපිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වූ අතර චීන  වැඩිදුර >>

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ විශාලතම ඉදිකිරීම් සමාගම වන චයිනා කොමියුනිකේෂන් කොන්ස්ට්‍රක්ෂන් සමාගම (CCCC), චයිනා හාබර් ඉංජිනියරින් සමාගම, විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම වන හුවාවේ යන සමාගම් සමඟ බීජිං නුවරදී සාකච්ඡා පැවැත්වී ය.

අග්‍රාමාත්‍යවරයා චයිනා කොමියුනිකේෂන් කොන්ස්ට්‍රක්ෂන් සමාගමේ සභාපති වැන්ග් හයිහුවයි (Wang Haihuai), චයිනා හාබර් ඉංජිනියරින් සමාගමේ සභාපති බයි යින්ෂැන් (Bai Yinzhan) සහ හුවාවේ සමාගමේ සභාපතිවරයා සමඟ සහයෝගීතා ව්‍යාපෘති පුළුල් කිරීමේ හැකියාවන් පිළිබඳ සාකච්ඡා කළේ ය. අග්‍රාමාත්‍යවරයා හුවාවේ තොරතුර වැඩිදුර >>

වත්මන් ආර්ථික සංවර්ධන ප්‍රයත්නයන්ට සහභාගීව මව්බිමට සම්පතක් වන්න. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලයි.

තම වෘත්තීය අත්දැකීම් බෙදාහදා ගනිමින් සහ ඒ ඒ ක්ෂේත්‍රවල නිර්මාණය කර ඇති නව්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මාතෘ භූමියේ වත්මන් ආර්ථික ගමනට සම්බන්ධ වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ය.

බීජිං හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී 2024.03 වැඩිදුර >>

සිංහ කොඩිය බීජිං අගනුවර ලෙලදෙමින් අගමැති දිනේෂ් මහත් උණුසුමෙන් පිළිගනී

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බීජිං වෙත...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ අද (මාර්තු 25) චීනයේ බීජිං නුවරට පැමිණියේය. විදේශ කටයුතු විධායක උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් එහිදී අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැ වැඩිදුර >>

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ නිල සංචාරයක.....

චීනයේ ප්‍රමුඛතම වාර්ෂික ජාත්‍යන්තර සමුළුව වන බොආඕ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස චීන රජයෙන් කෙරුණු ආරාධනාවක් අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.03.24) සවස චීනයේ බීජිං නුවර බලා පිටත්ව ගියේය.

’ආසියාව සහ ලෝකය, සාමාන්‍ය අභියෝග, පොදු වගකීම්’ යන්න මෙවර බොආඕ සමුළුවේ තේමාවයි.  වැඩිදුර >>

අරලියගහ මන්දිරයේ සිට, ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම, (පෙ.ව. 9.00 සිට 10.00 දක්වා) මැලිබන් සමාගමේ බැතිබර දායකත්වයෙන් සජීවී ව ගෙන එන, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා ධර්ම දේශනා මාලාව.

මැදින් පොහෝ දින දේශකයාණන් වහන්සේ,

මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමය, කෝංගොඩ ගංගාරාමය, ජපානයේ යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරයන්හි අධිපති මලේගොඩ සිරිනන්දන ත්‍රිපිටක ධර්මායතන මහා පිරිවෙනේ අධ්‍යක්ෂ, කෘත්‍යාධිකාරී, බේරුවල සාසනාරක්ෂක බල මණ්ඩලයේ උතුරු කලාපයේ ප්‍රධාන ලේඛකාධිකාරී, සිය වැඩිදුර >>