බේරුවල කසළ ප්‍රශ්නය විසඳීමට, අගමැතිවරයා මැදිහත් වෙයි....

බේරුවල නගර සභා බල ප්‍රදේශය තුළ එකතු වන අපද්‍රව්‍ය, වත්තිමිරාජපුර ගම්මානයේ ඉඩමකට බැහැර කිරීමෙන්, මතුව ඇති බරපතළ සෞඛ්‍ය ගැටළුව විසඳීම සඳහා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී 2024.05.09 දින පැවැත්විණි. පා.ම. ඉමිටියාස් බාකිර් මාක වැඩිදුර >>

ජාතික මෙහෙයුම් මැදිරි කමිටු තීරණ - අග්‍රාමාත්‍ය කාර්යාලය

මාතලේ සිවිල් අභියාචනා මහාධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය නැවත ඇරඹීමට පියවර...

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ කාලය දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ...

මාතලේ සිවිල් අභියාචනා මහාධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් නැවත ආරම්භ කිරීමට අග්‍රාම වැඩිදුර >>

නව ග්‍රාම නිලධාරින් දෙදහසකට පත්වීම් ප්‍රදානය කෙරේ...

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ග්‍රාම නිලධාරි 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් දෙදහසකට නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප වැඩිදුර >>

ජාතික මෙහෙයුම් මැදිරි පුවත්...

කොළඹ දිස්ත්‍රික්කයේ නව ජල සම්බන්ධතා හැත්තෑ පන්දහසක් කඩිනමින් ලබාදීමට පියවර...

කොළඹ දිස්ත්‍රික්කයේ නව ජල සම්බන්ධතා හැත්තෑ පන්දහසක් ලබා දීම අරමුණු කරගෙන ක්‍රියාත්මක අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සහ බලශක්තිය සුරැකීමේ ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා ලබන දෙසැම්බර් 31 ව වැඩිදුර >>

අභාවප්‍රාප්ත මහාචාර්ය නලින්ද සිල්වා මහතා වෙනුවෙන් ආගමික වතාවත් සහ පාංශුකූල පිංකම බෞද්ධ මහා සම්මේලනයේදී...

අභාවප්‍රාප්ත ආචාර්ය නලින් ද සිල්වා මහතා වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී අද ( 2024.05.05) භික්ෂූන් වහන්සේලා සියක් නමකගේ සහභාගිත්වයෙන් පාංශුකූල පිංකමක් පැවැත්විණි.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුලු මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් වැඩිදුර >>

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳ ව ජපානය විශ්වාසය පළ කරයි...

දැඩි ආර්ථික පසුබෑමකට මුහුණ දීමෙන් පසු ශ්‍රී ලංකාව සතුටුදායක ආරම්භක ප්‍රකෘතිමත් භාවයක් ලබා ඇති බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳ ව ජපානය දැඩි විශ්වාසයකින් පසු වන බව ජපානයේ විදේශ අමාත්‍ය කමිකවා යොකෝ (Kamikawa Yoko) පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (2024.05.04) කොළඹ, අරලියගහ  වැඩිදුර >>

ශෝක පණිවුඩය

අප ජාතියට විශිෂ්ට සේවාවක්  කොට, ආඩම්බරයක් උදා කරමින් ජාතිය පණගැන්වූ ඉහළම තලයේ විද්වතෙකු වූ ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට අපගේ උතුම් ගෞරවය පුද කරමු.

අප රටට, ජනතාවට, සිංහල ජාතියට විසල් මෙහෙවරක් ඉටුකළ ආචාර්ය නලීන් ද සිල්වා මැතිතුමන්ගේ අභාවය දැයට මහත් හිඩැසක් ඇති කරනු නියතය.

 වැඩිදුර >>

ආයෝජන සහ සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට ශ්‍රී ලංකා තානාපතිවරුන් නව මූලාරම්භයන්ට එළඹිය යුතුයි. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

රාජ්‍ය තාන්ත්‍රික භාවිතයන් විශාල පරිවර්තනයකට ලක් ව ඇති බැවින් වර්තමානයේ ප්‍රමුඛතාව වන්නේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

2024.05.03 දින අරලියගහ මන්දිරයේදී අලුතින් පත් වූ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් නව දෙනෙකු අමතමින් අග්‍රාමාත්‍ය වැඩිදුර >>

චීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට පියවර...

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා අද (2024.05.02) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී 2024 මාර්තු මාසයේදී අග්‍රාමාත්‍යවරයාගේ චීන නිල සංචාරය අතරතුර දී දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ය.

 වැඩිදුර >>

වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා අද (2024.05.02) කොළඹ, අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද (2024.05.02) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුර >>

හිටපු අමාත්‍ය ගත්කතුවර ටී.බී ඉලංගරත්න සූරීන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද (2024.05.01) කොළඹ, අරලියගහ මන්දිරය අබියසදී සිදු කෙරිණ.

කොල්ලුපිටිය ධර්මකීර්ථයාරාමාධිපති ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම හිමියන් ඇතුළු ගරුතර සඟරුවන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, සරත් වීරසේකර, වෘත්තීය සමිති නායකයින් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුර >>

මැයි දින පණිවුඩය

වැඩකරන ජනතා ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළා වූ ඉතිහාස සටහන් මත අප 138 වන වරට ලෝක කම්කරු දිනය සමරමු.

මෙවර අප එය සමරනුයේ වැඩබිම ද අභියෝගයන් රැසකට ලක්වූ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආර්ථික අර්බුදයක තීරණාත්මක සටහන් මත ය.

එහෙත් කිසිදු ගිවිසුමක් හමුවේ කම්කරු අයිතීන් නො වැඩිදුර >>

ජාතික නාමල් උයනේ උන්නතියට උරදුන් මාධ්‍යවේදීන්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇගයේ....

ජාතික නාමල් උයන සංචාරක පහසුකම් නංවාලීම වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් මිලියන 10ක් ...

ජාතික නාමල් උයන 33 වැනි සංවත්සරයට සමගාමීව නාමල් උයන මතු පරපුර වෙනුවෙන් රැකගැනීම සඳහා උරදුන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවලට උපහාර පිදීමේ උත්සවය අද (2024.04.30) අරලියගහ මන්දිරයේදී අග වැඩිදුර >>

කොළඹ වෙසක් කලාපය පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) අරලියගහ මන්ත්‍රයේදී පැවැත්විණ.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රමුඛ සඟරුවන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රදීප් යසරත්න ඇතුළු රාජ්‍ය ආයතන ලේකම්වරු සහ නිලධාරින් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුර >>

ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාව තම අයිතිවාසිකම් ගැන කතා කරන කොට, ගාමණී ජයසූරිය මැතිඳුන් අමතක කළ නොහැකියි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද ( 2024.04.30) හෝමාගම, මීගොඩ මධ්‍ය මහා විද්‍යාලය ගාමණී ජයසූරිය මධ්‍ය මහා විද්‍යාලය නමින් නම් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

ගාමණී ජයසූරිය මැතිතුමාගේ සියවන ජන්ම සංවත්සරය සහ පාසලේ ශතවර්ෂය සම්පූර්ණ වීමේ අවස්ථා වැඩිදුර >>