මේ රට නාවික කේන්ද්‍රයක් කරමින් ආසියාවේ බලවත් රටක් ලෙස ඉදිරියට යාමට තැබූ බලාපොරොත්තුව අත්හැර නැහැ - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

වරාය ගොඩනැගීම මඟින් මේ රට නාවික කේන්ද්‍රයක් බවට පත්කරමින් ආසියාවේ බලවත් රටක් ලෙස ඉදිරියට යාමට තැබූ බලාපොරොත්තුව අත්හැර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
දකුණු ආසියාවේ සමුද්‍රීය කේන්ද්‍රස්ථානය කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථ MORE >>

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරන්න කටයුතු සලසන බව විශ්වාසයි - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරලීමට අවශ්‍ය කටයුතු සලසන බව තමන් දැඩි සේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබු නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප MORE >>

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද වනවිට දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද පිළිගැනීමට ලක්වෙලා - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද වනවිට දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක්ව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සමාරම්භ කිරීම සහ ඊට සමඟාමීව විශ්වව MORE >>

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නැහැ - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

“චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නෑ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 65ක් පිරීම සහ සුප්‍රකට රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් චීන විදේශ අමාත්‍ය වැන්ග MORE >>

China to Work with Sri Lanka to Facilitate Return of Sri Lankan Medical Students Studying in China

Following a special request by Prime Minister Mahinda Rajapaksa on behalf of Sri Lankan medical students awaiting to return to China to complete their studies, State Councillor and Foreign Minister WANG Yi immediately instructed the Ambassador of China in Sri Lanka to work closely with the Foreign Ministry to facilitate the return of Sri Lankan medical students.
The matter was discussed during the bilateral meeting between Prime Minister Rajapaksa and the visiting Foreign Minister at Temple Trees this morning. Currently, approximately 1,200 medical students, including 400 final-year students, who were studying at Chinese medical institutions, are waiting to return to China to complete their studies. They have been unable to return du MORE >>

අග්‍රාමාත්‍යතුමා අනද නාහිමි කුලපති උපහාර පුදයි

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබු නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේට උපහාර පිදීමේ “අනද නාහිමි කුලපති උපහාර” උළෙල අද (08) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍ MORE >>

මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කුරුණෑගල මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව මාවතගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැති උත්සව සභාව අමතමින් අග MORE >>

අභියෝග හමුවේ වුවත් අද අප මේ කැපවන්නේ ඔබට සුරක්ෂිත දියුණු රටක් නිර්මාණය කරන්න - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

අභියෝග හමුවේ වුවත් අද අප මේ කැපවන්නේ ඔබට සුරක්ෂිත දියුණු රටක් නිර්මාණය කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු දියණියන්ගේ අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතා අග්‍රාමාත්‍යතුමා අද (06) පෙරවර MORE >>

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ යෂ්ටිය අරලියගහ මන්දිරයේ දී හරසරින් පිළිගනී

එංගලන්තයේ බර්මින්හැම් නුවර දී මෙවර පැවැත්වෙන 22වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට පූර්වගාමීව ලොව පුරා රටවල් 72කට රැගෙන යන රැජිනගේ පණිවිඩය සහිත යෂ්ටිය ඊයේ (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හරසරින් පිළිගන්නා ලදි.
25 වැනි ගමනාන්තය ලෙස පසුගි MORE >>

කොවිඩ් හමුවේ වුවත් 2021 වසරේ දී නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවල ඉලක්කගත අභියෝග ජයගත්තා - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

කොවිඩ්-19 වසංගතය හමුවේ වුවද 2021 වර්ෂය තුළ නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවල ඉලක්කගත අභියෝග ජයගැනීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
2022 වර්ෂය සඳහා අමාත්‍යාංශයේ වැඩ සැලැස්ම ඉදිරිපත් කිරීම අද (05) දින බත්තරමුල්ල සුහුරුපාය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත MORE >>

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බුදුපුත් මාපිය හරසර විශ්‍රාම වැටුප් ක්‍රමයට ගිවිසුම් ගතවෙයි

“බුදුපුත් මාපිය හරසර” සහ “බුදුපුත් හරසර පූජා” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) දින බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවැත්විණි.
බෞද්ධ කටයුතු පිළ MORE >>

වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩලයේ ගැටලුවට සියලු පාර්ශව එකඟතාවෙන් තීන්දුවකට එළැඹෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩලය පිළිබඳව උද්ගතව ඇති ගැටලුවට සියලු පාර්ශව එකඟතාවෙන් තීන්දුවකට එළැඹෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේ අද (04) පැවැති සාකච්ඡාවේ දී ඉදිරිපත් ව MORE >>

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය 2022 නව වසරට අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රාජකාරී අරඹයි

දෙදහස් විසි දෙක නව වසර සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයීය කාර්ය මණ්ඩලයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මෙහි දී අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා ජාතික ධජය එස වූ අතර ජාතික ගී MORE >>

2022 නව වසර සදහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුභාශිංසන පණිවුඩය

සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන 2022 නව වසර උදා වී තිබේ.
ජීවිතයේ දුෂ්කර අත්දැකීම්වලින් පන්නරය ලබමින් වඩා ශක්තිමත්ව ඉදිරි අභියෝග ජයගැනීමට නව වසර උදාවේ අප සියලු දෙනා අදිටන් කර ගත යුතුය.
ගෝලීය වසංගත තත්ත්වයට මුහුණ දෙමින් ගෙවී ගිය වර්ෂය තුළ ශ්‍රී ලංකාව මුහ MORE >>

තරුණ ලියෝ නායකයෝ සිවු දෙනෙක් අග්‍රාමාත්‍යතුමා අතින් "ජාත්‍යන්තර සිංහ සභාපතිගේ විශිෂ්ට නායකත්ව සම්මාන" ලබති

ලොව විශිෂ්ට කුසලතා දක්වන තරුණ නායකයන් වෙනුවෙන් ජාත්‍යන්තර සිංහ සමාජ සභාපති විසින් පිරිනමන විශිෂ්ට නායකත්ව සම්මාන දිනාගත් තරුණ ලියෝ නායකයන් සිව් දෙනෙකුට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) දින අරලියගහ මන්දිරයේ දී එම සම්මාන පදක්කම් පැළැඳවිය.
කොළඹ රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය  MORE >>

බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව දක්වයි

අපවත් වී වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) පෙරවරුවේ අවසන් ගෞරවය දැක්විය.
කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ තැන්පත්කර තිබුණු ආනන්ද හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේගේ සහෝදරයෙකුවන  MORE >>

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ තොරතුරු පද්ධතිය ජනගත කරයි

දිවයින පුරා පිහිටි සියලුම බෞද්ධ විහාරස්ථානවල තොරතුරු ඇතුළත් තොරතුරු පද්ධතිය ජනගත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත මෙම තොරතුරු dba.gov.lk වෙබ් අඩවියට පිවිසීම MORE >>

Saudi Fund for Development Pledges Continuous Support for Sri Lanka’s Development Efforts

During a meeting with Prime Minister Mahinda Rajapaksa this morning at Temple Trees, the CEO of the Saudi Fund for Development (SFD) Mr. Sultan Abdulrahman Al-Marshad expressed continuous support for implementing development projects in Sri Lanka.
Prime Minister Rajapaksa expressed his gratitude to SFD as well as the Kingdom of Saudi Arabia for the support extended to Sri Lanka for development projects as well as the continued close collaboration and friendship between the two governments.
The very first project initiated with support from SFD was the a water and sewage project in 1981. Since then, during the past four decades, SFD has supported a number of different development projects around the country.
During th MORE >>