හරිත පරිසරයක් නිර්මාණය

සූර්ය බල ශක්ති පද්ධතිය

දැනට පවතින බල ශක්ති අර්බුධය හා අධික විදුලි ගාස්තු හේතුවෙන් සිදු ව ඇති ආර්ථික බලපෑම අවම කර ගැනීම සඳහා සූර්ය බල ශක්ති පද්ධතිය නැවත සක්‍රිය කොට අග්‍රාමාත්‍ය කාර්යාලයීය දෛනික විදුලි පරිභෝජනයෙන් යම් විදුලි ඒකක ප්‍රමාණයක් ආවරණය කර ගැනීමට කටයුතු සිදු කිරීම.

  • මෙමගින් මාසික විදුලි බිල්පත් වටිනාකමින් 10%ක ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරයි

වැසි ජල කළමනාකරණ ව්‍යාපෘතිය

අග්‍රාමාත්‍ය කාර්යාල උද්‍යාන අලංකරණය සඳහා වගා කොට ඇති සියලු ගස් වැල් හා පැළෑටිවලට අවශ්‍ය ආම්ලික ජලය ලබා ගැනීමට, කාණු පද්ධතිය පිරිසිදු කිරීමට හා පවිත්‍රතා උපකරණ පිරිසිදු කිරීමට අවශ්‍ය ජලය වැසි ජලය එක් රැස් කිරීම මගින් සපුරා ගැනීම

  • මෙමගින් මාසික ජල බිල්පත් වටිනාකමින් 01%ක ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරයි. (ලැබෙන වර්ෂාපතනය අනුව වෙනස් විය හැකිය.)