මුස්ලිම් අධ්‍යාත්මික නායක තයිකා අහමද් නසීර් අලීම් මහතා අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

දකුණු ඉන්දීය මුස්ලිම් අධ්‍යාත්‍මික නායක අශ් ෂෙයික් ආචාර්ය තයිකා අහමද් නසීර් අලීම් මැතිතුමා අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
ඔහු අභාවප්‍රාප්ත ඉන්දීය මුස්ලිම් අධ්‍යාත්මික නායක අශ් ෂෙයික් ආචාර්ය තයිකා සුහායිබ් අලීම් මැතිතුමාගේ පුත්‍ර MORE >>

සා.පෙළ හපන්නු අග්‍රාමාත්‍යතුමා හමුවෙති

දෙදහස් විස්ස අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ නවයක් ලබාගනිමින් දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස් දෙනා සහ ඉතිහාසයේ පළමු වතාවට විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගත් දෘශ්‍ය ආබාධ සහිත දරුවන් දෙදෙනෙකු අද (22) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අග්‍රාමාත් MORE >>

ප්‍රතිසංස්කරණය කළ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍යතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති පිරිත් පිංකම

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් සර්ව රාත්‍රි පිරිත් දේශනාවක් හා සංඝගත දක්ෂිණාවක් ඊයේ සහ අද (21) ප්‍රතිසංස්කරණය කළ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ දී සහ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
සර්ව රාත්‍රික පිරිත් දේශනය කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතේ අංක 58 ස්ථානයේ ප MORE >>

Documentary film “Gandhara: The Buddhist Heritage of Pakistan” was produced and launched under the patronage of the Sri Lankan Prime Minster

“Gandhara” - a documentary jointly produced by the High Commission of the Islamic Republic of Pakistan in Sri Lanka and Siddhivinayak Cine Arts Pvt. Ltd in coordination with the Ministry of Buddha Sasana, Religious and Cultural Affairs under the patronage of the Sri Lankan Pime Minister Honorable Mahinda Rajapaksa - was launched and screened for Sri Lankan and Pakistan delegates on 16th November 2021 at the Temple Trees.
Produced following a request of the Pakistan Pime Minister Honorable Imran Khan to the Sri Lankan Prime Minister, this production vividly documents ruins and artifacts of the Buddhist rich Gandhara civilization in Pakistan from 1st to the 7th century AD.
Considered by many as the world’s first Buddh MORE >>

අනුරාධපුරයේ අඩු ආදායම්ලාභී පවුල් 100කට අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පානීය නල ජල පහසුකම්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 100ක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) දින පස්වරුවේ පානීය නල ජල පහසුකම් ලබාදුන්නේය.
නල ජල පහසුකම් ලබාදීම සංකේතවත් කරමින් පවුල් 5ක් සඳහා එම අයිතිය ප්‍රදානය කිරීමේ උත්සවය අනුරාධපුර මිරිසවැටිය රජ මහ විහාරස්ථානයේ දී පැවැත්වි MORE >>

අග්‍රාමාත්‍යතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනියි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේය.
අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක හිමි  MORE >>

අනාගතයේ කිසිදාක ලේ ගංඟා, මරණ බිය ඇතිවන සිදුවීම් අපේ රට තුළ සිදු නොවේවා! - රණවිරුවන් වෙනුවෙන් හැදූ සඳහිරු සෑය විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමා ප්‍රාර්ථනා කරයි

• සියලුම රණවිරුවන්ටත් ඒ වාගේම යුද්ධයේදී මිය ගිය සියලු පාර්ශවයන්ටත් මේ සෑය නමදින මොහොතක් පාසා පින් අනුමෝදන් වේවා!
• අපි එදා වාගේම අදත් යුද්ධ කළේ නිදහස සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් පමණයි.
• අපේ රටේ ජනතාවගේ දරුවන්ගෙන් හැදුනු ආරක්ෂක හමුදාව ගැන ලොකු විශ්වාසයක් මට තිබුණා.
• රටක ආරක්ෂක හ MORE >>

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට අග්‍රාමාත්‍යතුමා ජලය මුදාහරියි

ලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීමේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (18) දින මාර්ගගත ක්‍රමවේදය යටතේ සිදුවිය.
මස්කෙළිය ඔය හරස්කර පොල්පිටියේ  MORE >>

"අමාදම් සිසිලස" 216 වැන්නට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 216 වැන්න ඉල් පුන් පොහොය යෙදෙන අද (18) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මල් ,පහන්, සුවඳ දුම් පූජාකිරීමෙන් අනතුරු MORE >>

අග්‍රාමාත්‍යතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානමය පිංකම

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ වාර්ෂිකව පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානය අද (18) දින පෙරවරුවේ එම විහාරස්ථානයේ දී පැවැත්විණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආන MORE >>

ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට “පද්ම ශ්‍රී සම්මානය“ ප්‍රදානය කරයි

ශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක වන දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ඉන්දීය රජයෙන් පිරිනැමුණු ඉහළම සිවිල් සම්මානයක් වන “පද්ම ශ්‍රී සම්මානය“ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ.ගෝපා MORE >>

සීමිත ප්‍රදේශයකට සීමා වී තිබෙන අප-ජල කළමනාකරණ පද්ධති රටේ සෑම ප්‍රධාන නගරයකටම - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

සීමිත ප්‍රදේශයකට සීමා වී තිබෙන අපජල කළමනාකරණ පද්ධති ඉදිරියේ දී රටේ සෑම ප්‍රධාන නගරයකම ඉදිකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින පැවසීය.
මහනුවර නාගරික “අප-ජල කළමනාකරණ ව්‍යාපෘතිය“ අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය යටතේ විවෘත කර ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍ MORE >>

කොවිඩ් වසංගතයෙන් ඇති වූ බලපෑමෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම මෙවර අය-වැයේ ඉලක්කයයි- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ බලපෑම්වලින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම මෙවර අය-වැයේ ඉලක්කය වී තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අයවැය දෙවන වර කියවීමේ විවාදය ට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා අද(16) දින පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.
මෙවර අය-වැය මගින් MORE >>

අවදානම් කලාපවල පදිංචි පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචි කරන්න -අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

අවදානම් කලාපවල පදිංචිව සිටින බවට හඳුනාගත් පවුල් 12,000 ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින උපදෙස් දුන්නේය.
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02 පැවති සාකච්ඡාවට එක MORE >>

අග්‍රාමාත්‍යතුමාගේ දායකත්වයෙන් ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති වාර්ෂික කඨින මහා පූජෝත්සවය

කොළඹ 10 ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පුජෝත්සවයේ කඨින චීවරය අද (14) උදෑසන අරලියගහ මන්දිරයේ සිට පෙරහරකින් වැඩම කොට සඝසතු කර පූජා කෙරිණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වස් ආරාධනයෙන් පසු කඨින චීවරය සඝ සතු කිරීම දක්වා මූලික දායකත්වය අග්‍රාමාත්‍ය ආ MORE >>

Geethanjali Amarasuriya Memorial Centenary Library at Visakha Vidyalaya, Colombo opens by the Prime Minister

Prime Minister Mahinda Rajapaksa today (11th November) declared open the Geethanjali Amarasuriya Memorial Visakha Centenary Library, a four storied building with modern facilities.
The four storied building has an area of nearly 15,000 square feet and has a fully technically equipped conference room.
Visakha Vidyalaya’s School Development Society and the Ministry of Education have jointly constructed this new library with a financial contribution of Rs. 96.5 million overcoming the difficulties encountered during Covid-19 pandemic period.
Mrs. Sandamali Aviruppola, Principal of Visakha Vidyalaya along with Visakha daughters welcomed the distinguished guests including the Hon. Prime Minister Mahinda Rajapaksa.
 MORE >>

The Prime Minister intervened to eliminate the teacher-principal salary anomaly persisted nearly 25 years

• Additional Rs. 30,000 million Funds to eliminate anomalies
• For the first time in history 7.51 percent of the total budget is for education

The representatives of Teachers’ and Principals’ Trade Unions expressed gratitude to the Prime Minister Mahinda Rajapaksa and the government for intervening to eliminate 25-year salary anomaly at a meeting held today (10th November) at Committee Room 01 of the Parliament where Hon. Basil Rajapaksa- Minister of Finance, announced that an additional Rs. 30,000 million will be spent from the forthcoming budget to eliminate the salary disparity of teachers and principals. Including this addition, the total allocation of the education sector now reaches to all time h MORE >>

අයහපත් කාලගුණයෙන් ජීවිත අහිමි වූ පවුල්වලට අග්‍රාමාත්‍යතුමා ශෝකය පළ කරයි

අයහපත් කාලගුණය නිසා ජීවිත හානි වූ පවුල්වලට ශෝකය පළ කරන අතර පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) දින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.
රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය ගැන අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යතුම MORE >>