ගාල්ල Ministry Of Tea පරීශ්‍රය රටේ මුළු මහත් තේ කර්මාන්තයටත් අපනයනයට ක්ෂේත්‍රයටත් ලබා දෙන මාහැඟි අවස්ථාවක්.. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍ය වරයා මෙම අදහස් පළ කලේ 2023.01.14 දින ගාල්ල නගරයේ උසස් තත්වයේ ලාංකීය තේ නිෂ්පාදකයින් වෙනුවෙන් වෙන්වුණු Ministry Of Tea නම් තේ නිෂ්පාදන අලෙවිය වෙනුවෙන් වෙන් වූ පරිශ්‍රය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

තේ කර්මාන්තය අපේ රට විශේෂයෙන් ආදායම් ලබන ක්ෂේත්‍රයක්. සිලෝන් ටී කියන නාමය ලොවට ගෙන ගියේ අපේ තේ කර්මාන්තයයි. අද ලෝකයේ වෙනත් තේ වර්ග තිබෙන බව සත්‍යයක්. සිලෝන් ටී වලට සුවිශේෂ රසයක් තිබෙන බව සොයමින් ලෝකේ හැම රටකම ජනතාව එය භුක්ති විඳිමින් සොයමින් සිටිනවා. පසුගිය කාල පරිච්ඡේද වලට වඩා අපනයන ක්ෂේත්‍රයේ පමණක් නොව තේ කර්මාන්තයත් විවිධත්වයකට පරිවර්තනය වෙමින් තිබෙනවා.
පවතින අභියෝග ජය ගන්න අපේ ව්‍යාපාරික පැලැන්තියට මෙම මධ්‍යස්ථානය දායකත්වයක් සහ සුවිශේෂ ස්ථානයක් බවට පත් වෙනවා ඇති. ගාල්ල පළමු වෙනුවෙන්ම විදේශිකයන් අතට පත්වුණේ පෘතුගීසීන් අතටයි. පසුව ලන්දේසීන් ගාලු කොටුව විශේෂයෙන් ඉදිකලා. නෙදර්ලන්තය වගේ ලන්දේසි දේශයන් පුදුම බැඳියාව කින් උනන්දුවකින් ගාලු කොටුව පිලිබඳව කටයුතු කරනවා.
පෘතුගීසින් ඉවත් වන විට පෘතුගීසීන්ගේ කේන්ද්‍ර කෞතුකාගාරය අරගෙන ගියා. එය නාවික කටයුතු පිළිබඳ ප්‍රධාන කෞතුකාගාරයක්. එය බ්‍රසීලයේ දැන් ස්ථාපිත කර තිබෙනවා. බ්‍රසීලය එය දැනටත් ආරක්ෂා කරගෙන සිටින්නේ නාවික ආදී යුද තොරතුරු එහි තිබෙන නිසයි.
ගාලු පුරවරයේ ගොඩනැගුණු තේ, රබර්, පොල් විවිධ ආකාරයේ වැවිලි ක්ෂේත්‍ර දියුණු කරන්නට රජය වගේම පුද්ගලික අංශයත් ඉදිරිපත් වුණා. ලෝකයේ කෝපි වලට අතිරේකව ඊළඟට ඉල්ලන්නෙත් තේ. තේ පමණක් ඉල්ලන ආපන ශාලා විශාල ප්‍රමාණයක් ලෝකයේ බොහෝ රටවල් වල තියෙනවා. ඒ නිසා තේ ඉල්ලුම සපයන්න විශාල රුකුලක් මෙම මධ්‍යස්ථානය මගින් ඉදිරියටත් ඉටු වෙනවා ඇති.
මේ දහිරිය මුළු මහත් තේ කර්මාන්තයටත් අපනයනයට ක්ෂේත්‍රයටත් ලබා දෙන අවස්ථාවක් ලෙස සලකන්න පුළුවන්. බොහෝ විට මේ අලුත් පරිච්ඡේදයක මූලික ආරම්භය විය හැකියි.
තේ රස වින්දනය විවිධාකාරයෙන් ලබා ගැනීම සඳහා සොයා එන අයට මෙවැනි මධ්‍යස්ථානයකින් සිලෝන් ටී ලබාගතහැකි වීම අපේ රටට අඩම්බරයක්. ගාලු පුරවරය සංචාරක පුරවරයක් නිසා අපෙන් යන පණිවිඩය ලෝකය පුරා ගමන් කරනවා. විවිධ රසැති තේ සොයන විශාල පිරිසක් ලෝකය පුරා තිබේ සිටිනවා
අපේ රටේ තේ කර්මාන්තයටත් එය අලෙවි කිරීම සඳහාත් ජාත්‍යන්තර ප්‍රචාරණය සඳහාත් නිර්මාණශීලීව සිදු කළ මේ ක්‍රියාදාමය අගය කළ යුතුයි."
වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන් පැවති මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, ඉසුරු දොඩන්ගොඩ, යදාමිණි ගුණවර්ධන, අමාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරීන් සහභාගී විය.