ආර්ථික පරිහානියට වඩා සංස්කෘතික පරිහානිය හානිකරයි....- අරලියගහ මන්දිරයේ ’සංකථන මණ්ඩපයේ ’දී විද්වත්හු පවසති

’සංකථන මණ්ඩපය’ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව පෝෂිත සමාජයක් බිහි කිරීම උදෙසා අග්‍රාමාත්‍ය කාර්යාලය මෙහෙයවන නවමු වැඩසටහනක් පසුගියදා ආරම්භ විය.

මෙවර තේමාව වූයේ ’ඩබ්ලිව්. ඒ. සිල්වා නිර්මාණ විමසුම යි’
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අපේ ජාතියට පණපෙවූ පිරිස් අතර ඩබ්ලිව්.ඒ සිල්වා නිර්මාණ සාහිත්‍ය ක්ෂේත්‍රයෙන් රටේ අනන්‍යතාවය ආරක්ෂා කළා. ඒ නිර්මාණ ඔස්සේ අපේ ජාතික අනන්‍යතාවය ගැන අදත් අභිමානයෙන් කතා කරනවා. ඒ අනන්‍යතාවය පෝෂණය කරන්නට යළි යළිත් අවබෝධ කරගන්නට, තොරතුරු සම්භාරයක් එක්රැස් කර ගැනීමේ හැකියාව අපට තිබෙනවා. මේ සඳහා විශ්වවිද්‍යාල මේ කිෂේත්‍ර ගැන උන්නදු විය යුතුයි. හෙල සාහිත්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන, පර්යේෂණවල නියැලෙන්නට කැමැති දරුවන් ඒ සඳහා යොමු කර ගැනීමේ අලුත් වැඩපිළිවෙලක් අත්‍යාවශයයි.
භාෂාව ආරක්ෂා කර ගැනීමේ උනන්දුව වගේම සාහිත්‍ය වශයෙන් දියුණුකිරිමට හැකි සුවිශේෂ ක්ෂේතු එතුමාගේ අවධානයට යොමු වුණා. එතුමාගේ සෑම ලිපි ලේඛනයක ම ඊට ප්‍රධාන තැන ලබා දී තිබෙනවා.
අද රටේ ජනගහනයට වඩා ජංගම දුරකතන වැඩියි. වැඩියෙන්ම කෙටි වචනවලින් කතා කරන්නේ. මෙහෙම ගියොත් භාෂාවට කුමක් වෙයිද. ඉංග්‍රීසි භාෂාවට කෑලි දාලා කතා කරන එක ව්‍යාපාර ලෝකයේ සිදුවෙන දෙයක්. අපේ භාෂාවට එහෙම වෙන්න නොදී ආරක්ෂා කල යුතුයි. ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල පසුබෑමකට ලක්ව තිබෙන බව සැබෑයි. එම ක්ෂේත්‍ර යළි ශක්තිමත් කර ගැනීමට මේ ආර්ථික අර්බුදය තුළ යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ නිසා එම ශ්ක්ෂේත්‍රවල අයවල නිරත අය, රජය, ලේඛනාරක්ෂණාර දෙපාර්තමේන්තුව වැනි දෙපාර්තමේන්තු මීට වැඩිය සහයෝගයෙන් කිට්ටුවෙන් වැඩ කරන්න ඕනේ.
අද වැනි දවසක පලවන අදහස් ද සමගින් හැදෙන වැඩෙන සිසු පරම්පරාව නිදහස් සටනේ සුවඳ දැනෙන දෙයක් වෙන්න ඕනේ. දේශපාලන මතවාදය නෙවෙයි. ජාතික මතවාදය එලෙස අගයකරන ගරු කරන අධ්‍යනය කරන කාලයක් බවට පරිවර්තනය කර ගන්න ඕනේ. එයයි අදවැනි දිනෙක ඇතිකරගන්න ඕන පණිවිඩය. අපේ ජීවිත කාලයම ඉගෙන ගන්නවා. එක්තරා කාලයකින් පසුව ඉගෙන ගැනීම අවශ්‍ය නැහැ කියලා හිතන්න හොද නැහැ.චිත්‍රපටි ලෝකය ඩබ්ලිව්. ඒ සිල්වා සූරින්ගේ නිර්මාණ කෙරෙහි අවධානය යොමුකරලා තියෙනවා මදි. එවැනි ආකාරයට ප්‍රවර්ධනය කොට හැදෙන වැඩෙන පරම්පරාවට දායාද කිරීමේ වැඩපිළිවෙල ගැන අපේ අවධානය යොමු වෙන්න ඕනේ. එතුමාගේ මතක සටහන් හැකි පමණින් ආරක්ෂා කිරීම පිළිබඳව පවුලේ අයට සහ භාරයේ අයට ස්තූති කරනවා.
කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අපේ ජාතික වීරයෝ මුරුසි දිවයිනට පිටුවහල් කළා. ඔවුන් මියයන තෙක් නිදහස් කලේ නැහැ. මෙවැනි කාරණා සම්බන්ධයෙන් ලාංකිකයෝ කියලා ලියපු පොතක් මගේ ළග තිබුණා. මගේ පොත්ගුල ගිනි තැබීම නිසා ඒ ග්‍රන්ථය මට අහිමි වුණා.

අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලය ආනන්ද හිමියෝ,
මේ ශාලාවේ සංකථනයක් සිදු කරන පළමු අවස්ථාව මෙයයි. ජාතික ව්‍යාපාරයට සවියක් දුන් අගමැතිවරයාට මෙවැනි තනතුරක් ලැබුණේ ජාතික සේවාවට කළ ගෞරවයක් විදිහටයි. මිනිහා නොහදා රට හදන්න බැහැ. මිනිහා හදා රට හදමු කියන පණිවිඩයට ඔබතුමා අවධානය යොමු කර තිබෙනවා. වැටෙන මිනිස්කම නැවත නගා සිටු විය හැක්කේ අපි එලෙස කතා කළොත් පමණයි.

අපේ යටගිය මහා ඥාන සම්භාරයට වත්මන් තරුණ පරපුර අවධානය යොමු කරන්නේ අඩුවෙන්. ඩබ්ලිව්.ඒ සිල්වා ලේඛන වල භාෂා ශෛලිය, රචනා ආර ආකර්ෂණයයි.ඒ කාලේ අපේ කියවීමේ රුචිය වැඩිකලා. එවැනි පොත් අද ළමයින්ට තේරුම් ගන්න අමාරුයි කියලා දෙමවුපියෝ ගුරුවරු පැත්තකට දාන්න පුළුවන්. එය දරුවන්ගේ ඥානයේ බරසාර අඩු කිරීමක්. අලුතින් මනෝ විද්‍යාව කියලා එකක් දාගෙන ළමයින්ට මේවා බර වැඩි කියන පාඨක ග්‍රන්ථ සම්පාදනය කරන ඇත්තෝ පුංචි කෑලි පමණක් එකතු කරල සමස්තයක් ලෙස ඒවා උකහා ගැනීමේ හිමිකම අහිමි කරලා. අපේ ජානවල මේවා උකහා ගැනීමේ හැකියාව තියෙන නිසා නව සාහිත්‍ය ප්‍රබෝධය කට යන්න අපට අවශ්‍ය නම් මේ ඥාන සම්භාරයක් සමඟ තිබුණු සාරගර්භ උරුමය අලුත් පරපුරට දායාද කළ යුතුයි. එසේ නොකොට සාහිත්‍යයේ නව ගමනකට යොමු විය නොහැකියි.
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
’අද වටින දවසක්. මෙය වැදගත් ආරම්භයක්. සාහිත්‍යවේදීන් විදියට අපි හුදකලා වෙලා තනිවෙලා ලියනවා. හිතනවා. එකතු වෙන්න තැනක් නැතිව අසරණ වෙලා. එය කිසියම් ආකාරයකින් පිරිමැහෙන්නේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිරත අයගෙ නව මතවාද නිසයි. අපි ආරම්භ කරන බොහෝ දේ පවත්වාගෙන යන්නේ නැහැ. සමහර දේවල් පවත්වාගෙන යනවා මිසක් ඉවරයක් වෙන්නේ නෑ. ඒ වගේම ඩබ්ලිව් ඒ සිල්වා දේශනය තුළ ආර්ථික වශයෙන් අසරණවීම ප්‍රශ්නයක් වුවත්, සංස්කෘතික වශයෙන් අසරණවීම ඊටත් වඩා බරපතළ ඛේදවාචකයක් බව කියවුනා. රට ගැන දේශීයත්වය හා සංස්කෘතිය පිළිබඳ හැඟීම ධීනත්වයට පත් වූ සමාජයක ඩබ්ලිව් ඒ සිල්වා ගැන නැවත කියවීම අවශ්‍යයයි.’
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා
මොන ප්‍රශ්න තිබුණත් මේ රටේ සංස්කෘතිය පරිහානියට පත්වෙන්න දෙන්න බැහැ. එහෙම වුනොත් ඒක ආර්ථික පරිහානියට වඩා ලොකු ගැටලුවක් වෙනවා. ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා කියලා සංස්කෘතිය විනාශ වෙන්න දෙන්න බැහැ. අපි හැමෝම පුළු පුළුවන් විදිහට විශ්ව විද්‍යාල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික අමාත්‍යාංශය වගේ ආයතන එක්වෙලා අපේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න පුලුවන් පුංචි දෙයක් හරි කරන්න ඕනේ
අද ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ජීවත්ව සිටියා නම් අවුරුදු එකසිය තිස් තුනක්. ඔහුගේ උපන් දිනය දවසේ අගමැතිතුමාගේ මූලිකත්වය යටතේ මේ රටේ විද්වතුන් දරුවන් සහ ගුරුවරුන් සියලු දෙනා එකතු වෙලා ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගෙන් වූ සේවාව අගය කිරීම ගැන මම සතුටු වෙනවා. අවුරුදු දහතුනක් පාසලේ උගන්නලා මේ රටට අවශ්‍ය ප්‍රාඥයන් බිහි කර ගන්න පුළුවන් කියලා කියලා හිතනවා නම් ඒක කවදාවත් වෙන්නෙ නෑ.

මේ රටේ කීර්තිමත් සාහිත්‍යධරයන්ට භාෂා ඥානයක් තිබුණා. ඩබ්ලිව් ඒ සිල්වා මහතා ඔහුගේ භාෂා ඥානය ඔප් නංවා ගත්තේ බම්බලපිටිය වජිරාරාමය ඇසුරෙන්.ඒ වගේම අද පාසල් දරුවන් සහ ගුරුවරුන් සිය භාෂා ඥානය වර්ධනය කරගැනීමට කියවීම පුරුදු පුහුණු කළ යුතුයි. ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ සුනේත්‍රා කියන නවකතාව පෙන්වා දෙන සීතාවක යුගය පිළිබඳව මේ රටේ සාහිත්‍යධරයන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල අවධානයට ලක්වෙනවා.
පුවත්පතකින් විශේෂයෙන්ම සාහිත්‍ය ගැන උනන්දුවක් ඇති කළ යුතුයි. අපි පත්තරයක් ගන්නේ අපරාධකාරයෝ ගැන කියවන්න නෙවෙයි. අපේ පුවත්පත්වල සාහිත්‍ය පිලිබදව අතිරේකයක් වෙන් කරන්න අවශ්‍යයි. ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා වැනි වියතුන් කළේ සාහිත්‍ය ගැන දරුවන්ගේ අවධානය යොමු කිරීමයි. අද අලුතින් පොතක් පළවුණාම පත්තරවල විස්තර ටිකක් දාගන්න ඉඩ නැහැ. අද තරම්වත් පහසුකම් නැති පරිගණක නැති ටයිප්රයිටරයක් තියෙන කාලෙ ඩබ්ලිව් ඒ සිල්වා වැනි වියතුන් ලංකා සමය පත්තරේ සාර්ථකව කරගෙන ගියා. රටේ සාහිත්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් අද පත්තරේකින් උදව් ගන්න බැරි තරම්. ඩබ්ලිව්. ඒ. සිල්වා නවකතාකරුවෙක් කියන තැන විතරක් නෙවෙයි නිර්මාණකරණයට ලබා දීපු උපදෙස් අගය කළ යුතුයි.

ගුණදාස අමරසේකර, සුනිල් සරත් පෙරේරා, ශ්‍රීනාත් ගනේවත්ත, තිලකරත්න කුරුවිට බණ්ඩාර , පාසල් දරුදැරියන් අදහස් දැක්වූ අතර සාහිත්‍යවේදීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශ්ව විද්‍යල, ගුරු විද්‍යාල, පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.