සියලු දෙනා එකම රටක හවුල් කරුවන්ව ජයග්‍රාහි අනාගතයක උරුමකරුවන් ලෙස වැඩ කරමු. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා..

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය නව වසරේ කොළඹ,අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේදී දීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා..

"ජාතියේ අනාගතය සාර්ථක කිරීම සඳහා වූ ප්‍රතිඥාව ප්‍රකාශයට පත්කොට කැපවී කටයුතු කිරීමට අධිෂ්ඨාන කරන මොහොතයි මේ.

නිදහසෙන් පසු සියක් වසරක ඉලක්කයට පැමිණීමේ ඉදිරි විසිපස් වසර සඳහා අධිෂ්ඨානයෙන් කැපවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජය මුළු මහත් රට වැසියා වෙනුවෙන් එක්ව සිටිනවා.

අද දිනයේ මේ ප්‍රතිඥාව දෙන අතරතුර රටේ ජනාධිපති කාර්යාලය සහ අනිත් අමාත්‍යංශ මෙන්ම දෙපාර්තමේන්තු, රට පුරා විහිදී තිබෙන රාජ්‍ය සේවා ආයතනය මෙන්ම රාජ්‍ය සේවකයින් ලක්ෂ ගණනක් ද අප හා එක්වන පෞද්ගලික අංශයේ සේවකයින් දහස් ගණනකගේද එකම පැතුම අභිමානවත් අනාගතයක් ගොඩනැගීමයි. ඒහි වැඩි වගකීමක් පැවරෙන්නේ රාජ්‍ය සේවයටයි. රාජ්‍ය සේවා කාර්යක්ශම බව ක්‍රමවත් බව ඵලදායිකත්වය ජනතාව අතරට සහ මුළු මුළුමහත් රටටම ගෙන ඒමේ ක්‍රියාදාමය වෙනුවෙන්අපි කැපවෙමු.

විවිධ අභියෝග මැද ඉතිහාසය පුරා පසුබැසීම් සහ නැවත හිස එසවීම සිදු වූ රටක් ලෙස අපට නැවතත් අභිමානවත් රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන්.

ඉතිහාසයේ අපට මුහුණ දීමට සිදු වූ දැවැන්තම අභියෝගාත්මක කාලයක් හරහා අපි මේ වන විටත් ගමන් කරමින් සිටිනවා.
ඒ තුළින් දියුණු, නවීන, ආහාරයෙන් ස්වයංපෝෂිත රටක් බවටත් විවිධ ක්ෂේත්‍ර වල අලුත් සංවර්ධනයන්ට අවතීරණ වන නව පරම්පරාවක් ගොඩනැගීමටත් අපේ අත දිගු කොට රාජ්‍ය සේවයේ සෑම යුතුකමක්ම ඉටු කිරීමට අග්‍රාමාත්‍යවරයා හැටියට ආයාචනය කරනවා.

සියලු දෙනා එකම රටක් ලෙස එකම ජාතියක හවුල් කරුවන් ලෙස එකම සංවර්ධනය වන ක්‍රියාදාමයක ජයග්‍රාහි අනාගතයක උරුමකරුවන් ලෙස වැඩ කටයුතු ආරම්භ කරමු.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අග්‍රමාත්‍ය කාර්යාලයේ කාර්යමණ්ඩලය මෙම අවස්ථාවට එක් විය.