මැයි දින පණිවුඩය

වැඩ කරන ජනතා ලෙයින් දහදියෙන් පෝෂණය වූ අනාදිමත් ඉතිහාස සටහන් ඇති මාතෘ භූමියක් තුළ අප 137 වැනි ලෝක කම්කරු දිනය සමරමු.

අද අප එය සමරන්නේ ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික අර්බුදයක සටහන් මතය. මෙවැනි අර්බුදවලට මුහුණදුන් ලොව බොහෝ රාජ්‍යයන් නැවත ගොඩ නැගුනේ වැඩකරන ජනතා ශක්තියෙනි. එය අපටද උරුමය. නැවත ආර්ථිකය ගොඩ නැගීමට ගොවි කම්කරු ජනතාව ආරම්භය ගෙන දුනි.පළමුව ගොවි ජනතාව අහරින් රට ස්වයංපෝෂණය කිරීමට පෙරමුණ ගත්හ. එයාකාරයෙන් සෑම ක්ෂේත්‍රයක් තුළම නව පිබිදීමක් ඇතිවිය. එලෙස අප සිටි තත්වයට වඩා හොඳ තත්ත්වයක් ළඟා කර ගැනීමට ලෝක කම්කරු දින අපි අදිටන් කරගනිමු.

කිසිදු ගිවිසුමක් හමුවේ වැඩකරන ජනතා අයිතින් නොසලකා හැරීමට අප කටයුතු නොකරමු. රජය, සේවක, සේව්‍ය යන ත්‍රෛපාර්සවික කතිකාවතකින් ගන්නා තීන්දු තීරණ මත ඉදිරියටත් ගමන් ගනිමු.

වැඩකරන ජනතාව වෙත අප ලබා ගත් ජයග්‍රහණ බොහෝය.එම ජයග්‍රහණ මත වැඩෙන ආර්ථිකයක් බවට රටම පත් කරගෙන කුමන්ත්‍රණකාරී බලවේගයන් හී උත්සාහයන් ආපසු හරවමින්, දිනූ අයිතීන් සුරකිමින් මව්බිම ගොඩනඟන්නට මෙම ලෝක කම්කරු දිනයේ දී අදිටන් කරගනිමු.

දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය

2023. 04.30

Download Release