අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නව අවුරුදු සුභාශිංසනය

‘‘සකලවිධ අභියෝග රැසක් අභිමුව වඩ වඩාත් යහපත් රටක් ගොඩ නගන්නට අප කැපවී කටයුතු කරමු.

විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාවය හා ග්‍රාමීය ආර්ථික පුනර්ජිවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින්, අනෙක් සෑම අංශයක් සඳහා වූ සංවර්ධනාත්මක ව්‍යායාමයන් තුළ සක්‍රීය ව කටයුතු කරමු.

ජන ජීවිතයට බලපාන හා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා වන උපාය මාර්ග තුළ කටයුතු කරමින් නව වසරේ වඩාත් සුබදායී රටක් වෙනුවෙන් කැපවෙමු.”