රාමසාන් පණිවුඩය

ශ්‍රී ලාංකික ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය මතු මතුවටත් ආරක්ෂා කරගනිමින්, අවිශ්වාසය, සැකය දුරු වූ යහපත් ජනසමාජයක් සඳහා වූ ඉගැන්වීම් දැඩිව ධාරණය කර ගනිමු.

අනාදිමත් කාලයක සිට රාමසාන් කාලය පුරා මුස්ලිම් ප්‍රජාව තම ආගමික වතාවන් හා ප්‍රාර්ථනා අගය කරමින්, අන් අයටද උපකාර කරමින් රට තුළ පවතින සංස්කෘතික හා ආගමික විවිධත්වයට ආදර්ශමත් අරුත් ලබා දෙයි. එබැවින් විවිධ වූ අර්බුදයන්ට ලෝකය මුහුණ දී සිටින වකවානුවක පීඩාවිදින ජනතාව තුළ මානුෂීයත්වය වර්ධනය කෙරෙන සහනශීලී වටපිටාවක් නිර්මාණය කරනු වස් රාමසාන් උත්සව සමය මනා පිටිවහලක් සපයයි.

ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව රටේ පාලන ක්‍රියාවලියට, ව්‍යාපාර ක්ෂේත්‍රයට, අධ්‍යාපන හා විවිධ වෘත්තීය ක්ෂේත්‍රවලට, ක්‍රීඩා හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබාදෙන සක්‍රිය දායකත්වය උදෙසා කෘතවේදීත්වය පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

අප මේ වනවිට පසු කරමින් සිටින අතිශය අසීරු ඉලක්ක සාර්ථක කිරීමට සියලු ජනවර්ගවල එකමුතුව හා සක්‍රීය දායකත්වයන් තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාම සඳහා මුස්ලිම් ප්‍රජාවේ කාරුණික කැපවීම ඔබ සඳහා සුවිශේෂී වූ මේ කාලපරාසයේ අපේක්ෂා කරමි.

සුබ ඊදුල් ෆීතර් උත්සවයක් වේවා !

දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2023 අප්‍රේල් මස 21 දින

Download Release