කොළඹ රාජකීය විද්‍යාලයෙන් ජනපතිට, අගමැතිට උපහාර.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත උපහාර පිළිගැන්වීම වෙනුවෙන් 2023.02.22 දින විශේෂ උත්සවයක් සංවිධානය කොට තිබිණි.

අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ගෙවිදු කුමාරතුංග, ප්‍රියංකර ජයරත්න, දුමින්ද දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, ඩිලාන් පෙරේරා, යදාමිණී ගුණවර්ධන, කාවින්ද ජයවර්ධන, නිපුන රණවක යන මහත්වරු ඇතුළු පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.