නැවත ගොඩනැගෙන කෝට්ටේ දළදා මැදුර.

හයවන පරාක්‍රමබාහු රජ සමයේ දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහා කෝට්ටේ රජ මාලිගයට ආසන්නව ඉදිකරන ලද දළදා මාලිගය පරසතුරු ආක්‍රමණ නිසාත්, දළදා වහන්සේ කන්ද උඩරටට වැඩමවීම නිසාත්, රාජ්‍ය පාලනය මහනුවර ස්ථාපිත වීම නිසාත් නටඹුන් වීය.

මේ වන විට කෝට්ටේ රජ මහා විහාරාධිපති පූජ්‍ය අලුත් නුවර අනුරුද්ධ හිමියන්ගේ මැදිහත්වීමෙන් කෝට්ටේ දළදා මැඳුර ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කොට ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2023.03.02 දින කෝට්ටේ රාජමහා විහාරයට පැමිණ දළදා මාලිගාවේ සැලසුම් නිරීක්ෂණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ සහ නාගරික මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.