ශ්‍රී ලංකා රතු කුරුස සංගමය සහ ඌබර් ශ්‍රී ලංකා සමාගම සිය නවතම ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරයි.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ හා ඌබර් ශ්‍රී ලංකා සමාගමේ නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා 2022.09.01 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී හමුවිය.
ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක දීමනාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට සිය ස්තූතිය පළ කළේය. දිවයින පුරා ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ බෙදා දීම වෙනුවෙන් මෙම ආධාර මුදල් යොදා ගැනීමට නියමිත ය.
ඌබර් සමාගමේ ගෝලීය විධායක, ආසියානු ශාන්තිකර කලාපයේ බෙදාහැරීම සඳහා වූ සාමාන්‍යාධිකාරිණී සස්කියා ද ජොන්ග්, ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ සභාපති ජගත් අබේසිංහ, ඌබර් ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරිණී භාව්නා ඩැඩ්ලානි ජයවර්ධන, සහ ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ කොළඹ ශාඛා ප්‍රධානී කුමාරි කොතලාවල යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.