"කුමන නීති හැදුවත් එය මහජනතාවට ඇවැසි පරිදි වේගවත්ව මහපොළොව මත ක්‍රියාත්මක කිරීමයි වැදගත්." - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,
සංවර්ධන ව්‍යාපෘති බලපත්‍ර සඳහා කඩිනමින් අනුමැතිය ලබාදීමට නගර සංවර්ධන අධිකාරිය ආරම්භ කළ onestop unit නව ක්‍රමය හඳුන්වාදීමේ අවස්ථාවේදීය.

2022.11.10 දින බත්තරමුල්ල waters edge ආයතනයේ පැවති මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රධාන රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, සම්බන්ධ ආයතන ප්‍රධානීන් එක්විය.

එහිදී කතා කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා...

"දින 21 වැනි කෙටි කාලයක් තුළ සංවර්ධන බලපත්‍ර සඳහා අනුමැතිය ලබාදීමට හැකිවීම ශ්‍රී ලංකීය සංවර්ධනයේ කේන්ද්‍රීය සන්ධිස්ථානයක්. ඉතාම වැදගත් ඒ වාගේම විශාල වෙනසකට පෙරළියකට තාක්ෂණය ප්‍රයෝජනයට යන්න අවස්ථාවක් හැටියට නව ඒකකය සහ මෘදුකාංගය හඳුන්වන්න පුළුවන්. අපේ රටේ කේන්ද්‍රීය අමාත්‍යාංශයක් යටතේ තිබෙන ප්‍රධානතම ආයතනයක් වන නාගරික සංවර්ධන අධිකාරිය අද මේ දියත් කරන එක් ස්ථානයක සිට සියලු තොරතුරු හා අනුමැතිය ලබාගැනීම සඳහා වූ වු ක්‍රියාදාමය රටේ සුවිශේෂ වැදගත් අවස්ථාවක්.

මෙම ක්‍රියාදාමය නාගරික සංවර්ධනයේ සුවිශේෂ ඉතිහාස සටහනක් වනවා ඇති.
මෙතෙක් කල් ප්‍රමාද වෙමින් තිබුණු බොහෝ කල් යවමින් තිබුණු සංවර්ධන ව්‍යාපෘති බලපත්‍ර වලට දැන් කඩිනමින් අනුමැතිය ලැබෙනවා.

විවිධ දෙපාර්තමේන්තු අමාත්‍යංශ හරහා මහජනතාව ආයෝජකයන් සැලසුම්කරුවන් ඒ වාගේම අපේ රටේ විශ්ව විද්‍යාල මුහුණ දුන් දේශීය හා විදේශීය බාධාවන් සරල කරන්නට පුළුවන් ක්‍රියාදාමය අද ආරම්භ කළා. මෙය සංවර්ධනයට ඉතාම අවශ්‍යයි. සංවර්ධනයේ කුමන නීති හැදුවත් එය ක්‍රියාත්මක කිරීමේදී මහපොළොව හා ජනතාව අතර එය ක්‍රියාත්මක කිරිම වේගවත් වීමයි අවශ්‍ය වන්නේ.

පළාත් පාලන ආයතන සහ දෙපාර්තමේන්තු සියල්ල මෙම ජයග්‍රහණය තමන්ගේ ජයග්‍රහණයක් බවට එක් කරගනිමින් ප්‍රමාදයෙන් තොරව මෙවැනි ඉලක්ක සපුරා ලීමේ වැඩපිළිවෙළට උන් අත්වැල් බැඳගත යුතුයි.

අපේ රට මේ අර්බුදයෙන් ගොඩ ඒමේ දී කේන්ද්‍රීය ආයතනවලට තිබෙන වගකීම ඉටුකරන්න මෙම ක්‍රියාදාමය අවශ්‍යයි.
ලෝකයේ අනිත් රටවල සංවර්ධන බලපත්‍ර අනුමත කරගන්න යන්නේ කොයි තරම් අඩු කාලයක් ද කියලා අපි දන්නවා. ඒ නිසාම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් එම රටවල් වල ක්‍රියාත්මක කෙරෙනවා. ඒ තොරතුරු තාක්ෂණය උපයෝගීතාවය පාවිච්චි කරමින් අපේ රට මේ අර්බුදයෙන් ගොඩ එන්න කටයුතු කළ යුතුයි.

කිසිම තොරතුරක් අපට නොමැති වුණත් ජාත්‍යන්තරව අප ගැන ඒ තොරතුරු සියල්ලම තිබෙනවා. මෙම ක්‍රියාදාමය සාර්ථක කරන්නට අත්වැල් බැඳගෙන ඒ සඳහා දැනට සිටින සහ අලුත් පරම්පරාවද එක්කරගෙන ඉදිරියට යා යුතුයි.

ආයෝජනය දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත්ව ඵලදායී බවට පරිවර්තනය කර ගැනීමට පුළුවන්.
නාගරික සංවර්ධන අධිකාරියටයි මෙම තොටිල්ලේ ප්‍රධානතම ක්‍රියාදාමය බාර වෙන්නේ. එම ක්‍රියාදාමය සාර්ථක කිරීමට අද onestop unit මෘදුකාංගය විවෘත වෙනවා.

ලොවේ විවිධ තැන් වල සිට ඉදිරියට අප සමඟ ගනුදෙනු කරන්නට බොහෝ දෙනා එක් වේවි. එවැනි ආයෝජකයන් සමග අපේ රටේ විවිධ පළාත්වලට එක් විය හැකියි.