ආසියානු කුසලානය දිනූ අපගේ නෙට්බෝල් කණ්ඩායමට අගමැතිතුමා සුබ පතයි.

"දොළොස් වන ආසියානු දැල්පන්දු ශූරතාවය මාතෘභූමියට විශිෂ්ට ලෙස අත්කර දුන් අපේ දරුවන්ට සුබ පතමි.
මෙම ඉලක්කය කරා අපරාජිතව ළඟා වීම සුවිශේෂී වනු ඇත. ආසියාවේ ප්‍රමුඛස්ථානයට පත්වෙමින් ශ්‍රී ලංකාව කලාපයේ ඉහලටම ඔසවා තැබීමට උරදුන් ජාතික නෙට්බෝල් කණ්ඩායමේ අධිෂ්ඨානශීලි උත්සාහය මාතෘභූමියට ගෙන ආ මහත් ගෞරවයකි.
නිවැරදි දිශානතියක් කරා මෙහෙයවමින් සෑම අතකින් ම ඔවුන් පෝෂණය කළ සම්බන්ධිත සැමට ගෞරවය පුද කරමි.
දැයේ දරුවනි ඔබට දේශයේ ප්‍රණාමය."

දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය