දුෂ්කරතා මැද වැඩ කළොත් එහි ප්‍රතිඵලය කවදාහරි මේ රටට ඉතිරි වෙනවා කියන විශ්වාසයෙන් අපි වැඩ කරමු - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

දුෂ්කරතා මැද වැඩ කළොත් එහි ප්‍රතිඵලය කවදාහරි මේ රටට ඉතිරි වෙනවා කියන විශ්වාසයෙන් අපි වැඩ කරමු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.
‍‍දිවයින පුරා ගම්මාන 500ක් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වැඩිදුර >>

සේවකයන් ඉවත් නොකර ඔවුන් රැකගන්නැයි අග්‍රාමාත්‍යතුමා කර්මාන්තකරුවන් හා ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලයි

සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) දින සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමය (SLABA) හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳු වැඩිදුර >>

කොවිඩ් -19 පාලනයට මේ දක්වා රජය වැය කළ මුදල රුපියල් බිලියන 262ක්

කොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අනාවරණය විය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් අමාත් වැඩිදුර >>

ස්විස් තානාපතිතුමා අමෙරිකානු ඩොලර් මිලියන 4ක වෛද්‍ය අධාර අග්‍රාමාත්‍යතුමාට පිරිනමයි

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අද (28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී අමෙරිකානු ඩොලර් මිලියන 4ක වෛද්‍ය ආධාර තොගයක් පිරිනැමුවේය.
කොවිඩ් අභියෝගය ජයගැනීම උදෙසා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලට ස්විස්ටර්ලන් වැඩිදුර >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ පොසොන් පොහොය දින පණිවුඩය

අදීන ජාතියක් ලෙස නිර්මල බුදුදහම අනුගමනය කරමින් සහජීවනයෙන් කටයුතු කිරීමට මග පෙන්වා දුන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය අද වැනි උතුම් පොසොන් පොහොය දිනයක දී ගෞරවයෙන් යුතු ව සිහිපත් වේ.

ධර්මාශෝක රජු හා දේවානම් පියතිස්ස නිරිඳුන් අතර පැවති රාජ්‍යතාන්ත්‍රික කල්‍යාණ මිත වැඩිදුර >>

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය අසාධ්‍ය කොවිඩ් රෝගීන් සුවපත් කිරීමට ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ 100ක් අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි

කොවිඩ්-19 වයිරසය ආසාධිත අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ (Oxygen Concentrators -10 L) 100 ක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (22) දින අරලියගහ මන්දිරයේ දී භාරදුන්නේය.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙනුවෙන් එහි සභාපති ජගත් අබේසිංහ මහත වැඩිදුර >>

අග්‍රාමාත්‍යතුමාගෙන් මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන්ගේ ගැටලුවලට විසඳුම්

මැණික් හා ස්වාර්ණාභරණ අපනයනකරුවන් අපනයනයේ දී මුහුණ දෙන ගැටලු විසඳීමට රජය අවධානය යොමු කරන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) දින ප්‍රකාශ කළේය.
මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා ම වැඩිදුර >>

නිරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමුවීම කාලීන අවශ්‍යතාවක් - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

නීරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමු වීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති අතර ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම වැදගත් බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) පස්වරුවේ පැවසීය.
කාබනික පොහොර සහ කාබනික වගාව පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති විද්වත් හමුවක දී අග්‍ වැඩිදුර >>

ජල ගැලීම් නිසා පීඩාවට පත්වන ජනතා ගැටලු අවම කිරීමට අග්‍රාමාත්‍යතුමා මැදිහත්වෙයි

අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සාමූහික තීන්දුවකට එළැඹෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය.
කොළඹ සහ ග වැඩිදුර >>

මිහින්තලා පුද බිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයේ කටයුතු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් නිසි ගෞරවයෙන් යුතුව සංවිධානය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) දින පස්වරුවේ සිය නිලධාරීන්ට උපදෙස් දුන්න වැඩිදුර >>

දරුවන්ට පරිසරය විඳින්න ඉඩ දෙන්න - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දී ඉල්ලා සිටියේය.
පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ “ගුරු අභිමානී” ජාතික උත්සවයට එක්වෙ වැඩිදුර >>

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව එහි සභාපතිනි කේෂිලා ජයවර්ධන මහත්මිය විසින් අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (16) දින පිළිගන්වනු ලැබුවාය.
2019 දෙසැම්බර් 31 වැනිදාට රුපියල් ට්‍රිලියන 1.2ක් ලෙස සටහන් වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමස්ත වත්කම් පදන වැඩිදුර >>