දීප ව්‍යාප්ත අලිවැට නඩත්තු කිරීමේ ස්වේච්ඡා බළකා නියමු ව්‍යාපෘතිය කුරුණෑගල හා අනුරාධපුරයෙන් අරඹන්න අග්‍රාමාත්‍යතුමාගෙන් නියෝග

වන අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා පත්කළ විශේෂ කමිටු නිර්දේශවලට අනුව යමින් අලිවැට නඩත්තු කිරීම සඳහා ප්‍රජා දායකත්වය සහ ප්‍රාදේශිය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිත ස්වේච්ඡා බළකායකට පැවරීමේ නියමු ව්‍යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන්න වැඩිදුර >>

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් සද්භාවයෙන් ගත් ක්‍රියාමාර්ගවලට ආරක්ෂාව ලබාදීම පිණිස නීති කෙටුම්පත් කරන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් විසින් රාජකාරි ඉටු කිරීමේ දී සද්භාවයෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ග වලට අදාළව එම සේවකයන් සඳහා සුදුසු ආරක්ෂාවක් ලබාදීම පිණිස නීති කෙටුම්පත් කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දුන්නේය.
“දේශපාලන පළිගැ වැඩිදුර >>

අග්‍රාමාත්‍යතුමා රුහුණු මහා කතගරගම දේවාලය වැඳපුදා ගනී

කතරගම ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹෙන අද (10) දින පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
අග්‍රාමාත්‍යතුමා පළමුව කතරගම අෂ්ඨ ඵල බෝධිය අසල ආගමික වතාවත්වලට එක් විය.
රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජ  වැඩිදුර >>

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අග්‍රාමාත්‍යතුමා අතින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය ලබයි

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට පත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (08) දින පාර්ලිමේන්තුවේ දී ලබා ගත්තේය.
පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමා වැඩිදුර >>

අපේ රටේ උරුමය විනාශ කරන්න කිසිවෙකුටත් ඉඩ තබන්නෙ නැහැ - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

අපේ රටේ උරුමය විනාශ කරන්න කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අවධාරණය කළේය.
131වැනි ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී මේ බව සඳහන් කළේය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ගරු අග වැඩිදුර >>

චීන කොමියුනිට්ස් පක්‍ෂයේ 100 වන සංවත්සරය වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා Virtual සමුළුවේ දි පැවැත්වූ කතාව

චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ මහජන චීනයේ ජනාධිපති ෂී-ජින්-පින් මැතිතුමනි,
සම්භාවනීය අමුත්තනි,
ආයුබෝවන්,
චීන කොමියුනිස්ට් පක්ෂයට වසර සීයක් සම්පූර්ණ වන මේ මොහොතේ මගේත් අපේ රටේ ජනතාවගේත් උණුසුම් සුබ පැතුම් මම පිරිනමනවා.
ඓතිහාසිකව චීනය අප සමඟ පැවැත් වැඩිදුර >>

“THE PEARL OF THE SILK ROUTE” ග්‍රන්ථය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය වසර 6ක ප්‍රගතිය අළලා සකස් කළ “THE PEARL OF THE SILK ROUTE” ග්‍රන්ථය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම අද (06) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.
මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලිවෙන් යු (Liwen Yue) මහතා විසින් ග්‍රන්ථයේ මුල් පිටපත ම වැඩිදුර >>

“ගෝලීය බාලදක්ෂ සංස්කෘතික ජම්බෝරිය” ජාත්‍යන්තරයට හඳුන්වා දීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්

ලෝක බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන “ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරිය” ජාත්‍යන්තරයට හඳුන්වාදීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) රාත්‍රියේ වීඩියෝ තාක්ෂණයෙන් පැවැත්විණි.
එකම බාලදක්ෂ ලෝකයක් ( Culturally One Scout World ) තේමාවෙන්  වැඩිදුර >>

අග්‍රාමාත්‍යතුමා මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබාගනී

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගත්තේය.
ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පළමුව දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග වැඩිදුර >>

“මුස්ලිම් ආධාර ශ්‍රී ලංකා” ආයතනය රු.මිලියන 30ක වෛද්‍ය උපකරණ අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුපියල් මිලියන 30ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් “මුස්ලිම් ආධාර ශ්‍රි ලංකා” ආයතනය විසින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (02) දින අරලියගහ මන්දිරයේ දී භාරදෙන ලදි.
වැඩිහිටියන් සහ ළමයින් සඳහා භාවිතා කළ හැකි වෙන්ටිල වැඩිදුර >>

කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවනු ඇතැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා අද (02) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.
රුපියල් මිලියන 445ක් සහ රුපියල් මිලියන 127ක් වැය කරමින් ඉදි කළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව සහ පේරාදෙණිය රෝහල ඉ වැඩිදුර >>

අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ශ්‍රී ලංකා පොලිසියට ත්‍රී රෝද රථ 2000ක් සංකේතාත්මකව ප්‍රදානය කරයි

ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් අපරාධ හා මත් ද්‍රව්‍ය වැළැක්වීම සහ බුද්ධි හා සිවිල් රාජකාරි ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යයට අවශ්‍යව පැවති ත්‍රී රෝද රථ 2000ක් ශ්‍රී ලංකා පොලිසියට සංකේතාත්මකව ප්‍රදානය කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01 වැඩිදුර >>