අග්‍රාමාත්‍යතුමා ඉතාලි සංචාරය සඳහා පිටත්වෙයි

ඉතාලියේ සංචාරයක නිරතවීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද (10) අලුයම පිටත්ව ගියහ.
ගරු අග්‍රාමාත්‍යතුමා මෙම සංචාරයේ දී ජී20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුව-2021 (G20 Interfaith Forum Italy-2021) ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම ඇ වැඩිදුර >>

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට උදිත් ලොකුබණ්ඩාර මහතා පත්වෙයි

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා පත් කර තිබේ.
උදිත් ලොකුබණ්ඩාර මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (09) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ලබා ගත්තේය.
උදිත් සංජය ලොකුබණ්ඩාර ම වැඩිදුර >>

අග්‍රාමාත්‍යතුමාගේ ඉතාලි සංචාරය තුළ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයයි

ඉතාලියේ සංචාරයකට එක්වන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය වේ.
බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රා වැඩිදුර >>

පැරාලිම්පික් ජය කෙළි නැංවූ ක්‍රීඩකයෝ අග්‍රාමාත්‍යතුමා හමුවෙති

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අද (08) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.
පැරාලිම් වැඩිදුර >>

ශෝක පණිවුඩය

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට රැගෙන යාමේ පුරෝගාමියා වූ මා මිත්‍ර ජිනදාස ගුරුගේ මහතා අභාවප්‍රාප්ත වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත් වුයෙමි.
මැණික් කර්මාන්තයට පිවිසි ජිනදාස ගුරුගේ මහතා ඉතා කෙටි කලක් තුළ ගුරුගේ මැණික් නාමය ජාත්‍යන්තරයේ දිදුලන නමක් බවට පත්කිරීමට  වැඩිදුර >>

වැලිකඩ බන්ධනාගාරය මිල්ලෑවට යනවිට කාන්තා රැඳවියන් සමඟ සිටින දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට අද (06) දින උපදෙස් දුන්නේය.
වැලිකඩ බන්ධනාගාර  වැඩිදුර >>

ශෝක පණිවුඩය

දශක පහක් පුරා ශ්‍රී ලාංකේය ජන හදවත් ස්පර්ශ කළ කණ්ඩායම් සංගීතයේ ප්‍රවීණයෙකු වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතාගේ අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි.
සුනිල් පෙරේරාගේ නායකත්වයෙන් 1968 වසරේ දී ආරම්භ වූ ජිප්සීස් (Gypsies) සංගීත කණ්ඩායම 1970 වන විට පුළුල් ආරම්භයක් ලබා ගත්තේය. පවුලේ සොහොයුරන් පස වැඩිදුර >>

පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය හදනවා - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(04) දින පැවසීය.
මොණරාගල, සිරිගල පිහිටි රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වැඩිදුර >>

ලෝක පොල් දිනයට අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සමරු මුද්දර 10ක්

ලෝක පොල් දිනයට සමඟාමීව මුල්දින කවරයක් සහ විශේෂ සමරු මුද්දර 10ක් නිකුත් කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
1969 වසරේ ආරම්භ කරන ලද ආසියා පැසිපික් පොල් ප්‍රජාව මඟින් 1998 වසරේ පවත්වන ලද 25 වන රැස්වීමේ දී ප්‍රථම වතාවට සැප්තැ වැඩිදුර >>

සුභාශිංසන පණිවිඩය

ටෝකියෝ පැරා ඔලිම්පික් උලෙළේ හෙල්ල විසි කිරීමේ තරඟයෙන් නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට උණුසුම් සුබ පැතුම් පිරිනමමි.
බෙදුම්වාදයට එරෙහිව රට එක්සේසත් කරන සටනේ දී සිය වගකීම නොපිරිහෙළා ඉටු කළ රණවිරු දිනේෂ් ප්‍රිය වැඩිදුර >>

ශෝක පණිවුඩය

දශක හයක්පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට සේවයක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතාගේ හදිසි අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි.
මාධ්‍ය ක්ෂේත්‍රයේ බහුශ්‍රැතයෙකු වන එල්මෝ ගුණරත්න මහතා සම්මානනීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. එල්මෝ ගුණරත්න මහතා නීති ශිෂ්‍යයෙක්ව සිටිය දී එය  වැඩිදුර >>

අග්‍රාමාත්‍යතුමා ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කරයි

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (26) දින අරලියගහ මන්දිරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමි වැඩිදුර >>

ශෝක පණිවුඩය

ශ්‍රී ලාංකේය දේශාපාලනයේ නොමැකෙන මතකයන් ඉතිරි කළ සටන්කාමි දේශපාලඥයකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි.
ලන්ඩන් නුවර ශාන්ත මාටිනස් විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබා 1983 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන මංගල සමරවීර මහතා දේශපාලනයට අත්පොත් තැබ වැඩිදුර >>

කොවිඩ් අභියෝගය ජයගන්න පාකිස්ථානයෙන් අග්‍රාමාත්‍යතුමාට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහමද් සාද් කත්තක් මහතා අද (21) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී කොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.
කොවිඩ්-19 අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වැඩිදුර >>

මහජන බැංකුව 60 වසරක ඉතිහාස ග්‍රන්ථය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

මහජන බැංකුව සිය 60 වසරක අභිමානය අන්තර්ගත කරමින් සම්පාදනය කළ ඉතිහාස ග්‍රන්ථය එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා අද (16) දින පස්වරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී පිළිගැන්නුවේය.
වසර 60ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මහජන බැංකුව ලබා දුන් විශිෂ්ට දායකත්වය සහ  වැඩිදුර >>

ධීවර ගම්මානවල වෙසෙන ජනතාවට සහන සලසන්න අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ, එතුමාගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ “ධීවර ගම්මාන” වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා විසින් අද 2021.08.16 දින නිවාස විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට උපදෙස් ලබා දී තිබේ.
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැ වැඩිදුර >>

අවුරුදු දොළහට වැඩි ළමයින්ටත් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමට රජය සැළසුම් කර තිබෙනවා - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැළසුම් කර ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පැවසීය.
හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල් වැඩිදුර >>

ශ්‍රී ලංකාවේ පළමු නවසීලන්ත මහ කොමසාරිස්තුමා අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ පළමු නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා අද (11) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
පළමු නේවාසික නවසීලන්ත මහ කොමසාරිස්වරයා වීම පිළිබඳව සිය සතුට පළ කළ ඇපල්ටන් මහතා, දෙරට අතර සහයෝගීතාව ඉදිරියටත් වර්ධනය කිරීමට ඇති කැමත්ත අග වැඩිදුර >>