• Tamil
  • English
  • Home Circulars Services Grievances FB Twitter Contact
    

    චරිතාපදානය

    මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු පස්වන ජනාධිපතිතුමාය. 2010 ජනවාරි 26 වන දා ජනාධිපතිවරණයෙන් දෙවන වරට පත්වීම තුළින්, ඔහු දෙමළ ඊලාම් කොටි සංවිධානයේ ත්‍රස්තවාදය රටින් තුරන් කළ හා ඉන් රට සාම මාවතටත්, ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයකටත්, සීඝ්‍ර ආර්ථික සංවර්ධනයකටත් යොමු කළ ජාතික නායකයා ලෙස ඡන්දදායකයින් පිළිගත් බව පැහැදිලි විය.

    මුල් යුගය

    සහෝදරයින් හය දෙනකු සහ සහෝදරියන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවන පුතු ලෙස මහින්ද රාජපක්ෂය උපත ලැබුවේ 1945 නොවැම්බර 18 වන දා දක්ෂිණ ශ්‍රී ලංකාවේ වීරකැටියෙහිදීය. මුල් වියේද සිටම සිංහළ බෞද්ධ සාම්ප්‍රදායයන් අනුව හැදුනු වැඩුණු ඔහු, දේශපාලනයට පිවිසි ඔහුගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ ඔහුගේ බාප්පා සහ ඥාතීන් ද මූලික අධ්‍යාපනය ලැබූ ගාලු පුරවරයේ රිච්මන්ඩ් විද්‍යාලයේ මූලික ඉගෙනුම ලැබුවේය. ඉන්පසු ඔහු කොළඹ නාලන්ද විද්‍යාලයේ සහ තර්ස්ටන් විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය. පසුව, කොළඹ නීති විද්‍යා‍ලයේ නීතිය හදාරා නීතිඥවරයෙක් බවට පත්වීමට ඔහු සමත් විය.

    1970 දී බෙලිඅත්ත ආසනයෙන් ශ්‍රී .ල.නි.ප. මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වන විට මහින්ද රාජපක්ෂ 24 හැවිරිදි තරුණයෙකි. තම පියා නියෝජනය කළ ආසනයම නියෝජනය කරමින් ඔහු එවකට පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා විය. 1977 සිට තංගල්ල නගරයේ නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ ඔහු එතුළින් 1994 දී අමාත්‍යවරයෙකු ලෙස පත්වීම ලබනතෙක්ම ජනතාවගේ අවශ්‍යතාවයන් හා දකුණේ සංවර්ධන අවශ්‍යතාවයන් පිළිබඳව ඉතා සමීපව අවබෝධයක් ලබා ගත්තේය. 1977 දී තම මන්ත්‍රීධුරය අහිමි වුවද, 1989 දී පැවති මැතිවරණයේදී එම මන්ත්‍රීධුරය නැවත ලබාගත්තේය. සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට නැවත පත්වුණු ඔහු 2005 දී විධායක ජනාධිපති ලෙස පත්වන තුරු එම තනතුර දැරුවේය.

    ජනාධිපතිධුරය

    මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිධුරයට පත් වූයේ හදිසියෙන් නොවේ. දශක ගණනාවක් පුරා ජනතාවට සේවය කර, තම දේශපාලන පක්ෂයට හා එහි නායකයින්ට අචල පක්ෂපාතිත්වයක් පෙන්නුම් කර සහ දිරිමත්ව දේශපාලනයේ කම් කටොළු වලට මුහුණ දෙමින් එම තනතුරට පත් විය.

    මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපතිධුරය දිනා ගත්තේ ත්‍රස්තවාදය තුරන් කිරීමත්, ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කිරීමත් පොරොන්දු වූ, ‘මහින්ද චින්තන’ යන පුළුල් ජනතා හිතෛෂී ප්‍රතිපත්ති මාලාව පදනම් කරගෙනය. එහි ඇතලත් වූ දෑ අතර, ආර්ථික සහ සමාජීය ප්‍රශ්න වලට සමාජීය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශ, නොමිලේ අධ්‍යාපනය සහ නොමිලේ සෞඛ්‍ය පහසුකම් යන සමාජ සුබසාධන ප්‍ර‍තිපත්ති නොකඩවා පවත්වාගෙන යාම, රාජ්‍ය සේවය පෞද්ගලීකරණය අත්හිටුවීම, යටිතල පහසුකම් වෙනුවෙන් සුවිශාල ලෙස කැප කිරීම, ගැමි ආර්ථිකය ශක්තිමත් කිරීම, පරිසරය සුරක්ෂිත කිරීම සහ සතුන්ට අවිහිංසාවෙන් සැළකීම වැනි සාම්ප්‍රදායික සාරධර්ම ඉදිරියට ගෙන යාම ද විය.

    පවුල

    මහින්ද රාජපක්ෂගේ භාර්යාව ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ වන අතර, ඔවුන්ට නාමල්, යෝෂිත සහ රෝහිත යන පුතුන් තිදෙනෙක් සිටී.

    

    භාගත කිරීම් - චක්‍රලේඛ

    උද්ගත වී ඇති ව්‍යසනකාරී තත්ත්වය නිසා පීඩාවට පත්වූ පවුල්වලට සහ නිරෝධායනයට යොමු කළ පවුල්වලට සහන සැලසීම - PTF/03/2020(VII) භාගත කිරීම්
    PTF/03/2020(vi) - උද්ගත වී ඇති ව්‍යසනකාරී තත්වය නිසා පීඩාවට පත් වූ පවුල්වලට සහ නිරෝධායනයට යොමු කළ පවුල්වලට සහන සැලසීම භාගත කිරීම්
    කොවිඩ් - 19 ව්‍යසනකාරී තත්ත්වය නිසා බලපෑමට ලක් වූ පවුල්වලට රු.5000/-ක දීමනාවක් ගෙවීම භාගත කිරීම්
    ’ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට - 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම’ ජාතික සම්බන්ධීකරණ අනුකමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ අනුකමිටු රැස්වීම් භාගත කිරීම්
    “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” – 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ජාතික සම්බන්ධීකරණ අනු කමිටු භාගත කිරීම්
    ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට – 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ප්‍රාදේශීය සම්බන්ධීකරණ අනු කමිටු භාගත කිරීම්
    උද්ගත වී ඇති ව්‍යසනකාරී තත්ත්වය නිසා සමාජ ප්‍රතිලාභ වැඩසටහන යටතේ පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් සඳහා රු.5000/-ක දීමනාවක් ගෙවීම - PTF/03/2020(V) භාගත කිරීම්
    ගෘහ ආර්ථිකය සහ පෝෂණය වැඩිදියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන භාගත කිරීම්
    ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමේ ජාතික වැඩසටහන - අමාත්‍යාංශ සංවර්ධන යෝජනා / ප්‍රගති සමාලෝචන පත්‍රිකාව භාගත කිරීම්
    ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ ජාතික වැඩසටහන භාගත කිරීම්
    PTF/03(iv) - උද්ගතවී ඇති ව්‍යසනකාරී තත්වය නිසා සමාජ ප්‍රතිලාභ වැඩසටහන් යටතේ පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් සඳහා රු 5000/- දීමනාවක් ගෙවීම භාගත කිරීම්
    PTF/03(iii) - උද්ගතවී ඇති ව්‍යසනකාරී තත්වය නිසා සමාජ ප්‍රතිලාභ වැඩසටහන් යටතේ පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් සඳහා රු 5000/- දීමනාවක් ගෙවීම භාගත කිරීම්
    PTF/03(ii) - උද්ගතවී ඇති ව්‍යසනකාරී තත්වය නිසා සමාජ ප්‍රතිලාභ වැඩසටහන් යටතේ පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් සඳහා රු 5000/- දීමනාවක් ගෙවීම භාගත කිරීම්
    PTF/03(i) - උද්ගතවී ඇති ව්‍යසනකාරී තත්වය නිසා සමාජ ප්‍රතිලාභ වැඩසටහන් යටතේ පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් සඳහා රු 5000/- දීමනාවක් ගෙවීම භාගත කිරීම්
    PTF/03 - උද්ගතවී ඇති ව්‍යසනකාරී තත්වය නිසා සමාජ ප්‍රතිලාභ වැඩසටහන් යටතේ පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් සඳහා රු 5000/- දීමනාවක් ගෙවීම භාගත කිරීම්
    PTF/02 - ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ඇඳිරි නීති බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීම. භාගත කිරීම්
    PTF/01 - අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසු විපරම පිණිස වූ ජාතික වැඩසටහන භාගත කිරීම්
    

    භාගත කිරීම් - මාර්ගෝපදේශ

    වැඩ සැකසුම් සඳහා කෝවිඩ්-19 ව්‍යාප්තියට සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳ මෙහෙයුම් මාර්ගෝපදේශ භාගත කිරීම්
    ශ්‍රී ලංකාවේ කාර්මික සේවා ස්ථාන COVID-19 සඳහා සූදානම් කිරීම භාගත කිරීම්
    ශ්‍රී ලාංකිකයන් සඳහා ආහාර පිළිබඳව උපදෙස් භාගත කිරීම්


    

    මහජන දුක්ගැනවිලි, පැමිණිලි හා අදහස් යොමු කිරීම

    ඔබේ අදහස් / යෝජනා අපට වැදගත්.

    අධ්‍යක්‍ෂ (මහජන සම්බන්ධතා)
    අග්‍රාමාත්‍ය කාර්යාලය
    58, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,කොළඹ 07
    දුරකතන:  (+94) 112 574 411

     
     
     
     
     
     

     
     
     

    Contact

    Prime Minister's Office
    No: 58, Sir Ernest De Silva Mawatha,
    Colombo 07.
    Sri Lanka.

      Tel : +94 (112) 575317/18
      Tel : +94 (112) 370737/38
      mail : info@pmoffice.gov.lk
      Fax : +94 (112) 575310
      Fax : +94 (112) 574143